ජිහාඩ් සටන

 

 

ලංකාවේ ක්‍රියාත්මක වූ  IS  ජාල තුනක් විය මහනුවර ආශ්‍රීත මධ්‍යම පළාතේ කේන්ද්‍රණය වූ ජාලය, සහරාන් හෂීම්  නායකත්වය දුන් නැගෙනහිර ජාලය හා බස්නාහිර පළාතේ කේන්ද්‍රණය වූ  ජාලයයි. එම සංවිධානය   JMI නමින් හැඳින්විය. එහි සාමාජිකයන් අතර න්‍යායාත්මක කරුණක් අරබයා ගැටුමක් ඇති විය .අල්කයිඩා සංගමයටය සහාය දක්වන කණ්ඩායම  කියා සිටියේ මේ ජිහාඩ් ක්‍රියාත්මක කිරීමේ කාලය නොවන බවයි .මතයට එකඟ නොවූ  දෙදෙනෙක් විය. (Ilham & Jamil)  ජිහාඩ් සටන ඕනෑම මොහොතක දී කළ හැකි බව ඔවුන්ගේ අදහස විය.  ඔවුන් සංවිධානයෙන් බිඳී සහරාන් හෂීම් නායකත්වය දුන් කණ්ඩායම් සමඟ එක් විය . සහරාන් හෂීම්  අල්කයිදා නායකත්වයට( අබු බකර් අල්-බග්දාදි) සහය දීමේ ප්‍රතිඥාවක් ලබා දුන්නේය. කාරණා පහක් නිසා ඔවුන් සංවිධානය වෙනුවෙන් මිය යාමට කැමැත්තෙන් සිටියේය  .

Ø  ස්වර්ගයට ගොස්  දෙවියන් හා එක්වීම

Ø  සියලු වැරදිවලට සමාව ලැබීම

Ø  නෑදෑයින් හැත්තෑවකට දිව්‍යලෝක යාම සඳහා අවස්ථාව ලැබීම (ඇතැම් නෑදෑයින් සංවිධානයට සහාය දක්වා ඇත්තේ මෙම වරප්‍රසාදය ලබා ගැනීමේ චේතනාවෙනි )

Ø  දෙවියන්  සම්මුඛ වීමට ඉඩ ලැබීම

Ø  තරුණ කාන්තාවන් හැත්තෑ දෙදෙනෙකුගේ ඇසුර ලැබීමට හැකි වීම

 ඉතාමත් දක්ෂ හමුදාවක්ද ,නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනයක් ද බුද්ධි අංශයක් දතිබුණද  ලංකාවේ මේ වන විට ලංකාවට බලපෑ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබිණ . එක් කාරණයක් නම්  නායකත්වය දෙකට බෙදී තිබීමයි .අනෙක් කාරණය නම් නායකත්වයට  දර්ශනයක්, දැක්මක් නොතිබීමයි .

මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලට හා බුද්ධි අංශයට  දොස් පැවරීමෙන් ඵලක් නැත .පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රටකට ඉතාමත් කලාතුරකින්  ලැබෙන සත්‍යය වූ තොරතුරු මෙවන් විට ලැබී තිබිණ . සහරාන් හෂීම්ගේ නමද සඳහන් විය.  පහර දෙනු ලබන්නේ පල්ලිවලට බවද දන්වා තිබිණ .ප්‍රභූ ආරක්ෂක අංශයේ නියෝජ්‍ය පොලිස්පති, නිලධාරීන් 225 දෙනාටම මෙම ආරංචිය දන්වා තිබිණ .රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙ නිලධාරීන් සහ විනිසුරුවරුන් ද දැනුවත් කර තිබිණ . හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශයට ද මේ බව දන්වා තිබිණි

එහෙත් මේ බව පල්ලිවලට දන්වා  නොතිබිණ .

මෙම විනාශයට හේතුවආරක්ෂක අංශවල හෝ බුද්ධි අංශ වල අසමත් භාවය නොවේ.

  නායකත්වයේ අසමත් භාවයයි.”

Comments

Popular posts from this blog