ජනමාධ්‍ය නිදහස එතෙර මෙතෙර, එදා සහ අද.

 

අන්ත දූෂිත වූද,  පාරදෘශ්‍යභාවය භාවයෙන් තොර වූද  පාලකයාට නිදහස්  ජනමාධ්‍ය වහකදුරු මෙනි. ගැරඬියාට  භූමිතෙල් මෙනි . රටක පාලක පක්ෂය ජනමාධ්‍ය සම්බන්ධයෙන් සෑම විටම අනුගමනය කරන්නේ දෙබිඩි පිළිවෙතකි. පාලක පක්ෂයට පක්ෂපාතී ජනමාධ්‍යවලට මූල්‍ය හා විවිධ අනුග්‍රහ ලබා දෙන අතර ,රජයේ  දූෂණ හා අක්‍රමිකතා හෙළිකරන ස්වාධීන මාධ්‍ය ආයතන අඩපණ කොට ඒවා විනාශ කර දැමීම වත්මන් රජයේ මෙන්ම පෙර පැවති රජයන්හි  ද පැවති භාවිතයකි . වසර 2002 දී අහෝසි කරන ලද සාපරාධී අපහාස නීතිය යළි ගෙන ඒමට යත්න දැරීම ජනමාධ්‍ය  මර්ධනය කිරීම සඳහා සැරසීම  දක්වන එක් පියවරකි. අන්තර්ජාලය හරහා  සිදු කෙරෙන නොමඟ  යවන සුළු ප්‍රකාශ වලින් ආරක්ෂා වීම පිණිස අවශ්‍ය නීති පැනවීම සඳහා සුගිය අප්‍රේල් මස 19 වැනි දා ගත් කැබිනට් මණ්ඩල තීරණ යේද යටි අරමුණ වන්නේ නිදහස් මාධ්‍ය මර්දනය බව පෙනී යයි.

පර්යේෂණ දත්ත වලට අනුව පෙරදිග මෙන්ම අපරදිග රටවල ද, විශේෂයෙන් දූෂිත ාජ්‍යයන් පවතින රටවල, නිදහස්  මාධ්‍ය මර්දනය  ප්‍රබල ලෙස ක්‍රියාත්මක වෙමින්  පවතී.

ජනමාධ්‍ය   ආයතන තමන්ට අවනත කරගෙන ඔවුන්ගේ හොරණෑ බවට පත්කර ගැනීම සඳහා දූෂිත පාලකයෝ විවිධ  උපක්‍රම අනුගමනය කරති. ජනමාධ්‍ය ආයතන සඳහා පාලකයන්ට හිතැති පුද්ගලයන් පත් කිරීම, පෞද්ගලික  ජනමාධ්‍ය අයිතිකරුවන්ට නොයෙකුත් වරප්‍රසාද හා මුදල් ලබාදී උන් තමන් වෙත නතු කර ගැනීම හා ඔවුන්ට රිසි සේ මුදල් උපයා ගැනීම සඳහා අවස්ථා සම්පාදනය කරදීම බඳු උපක්‍රම වලට උදාහරණය.

 සර්බියාව හංගේරියාව යනරට  වලින් මෙබඳු සිද්ධීන් වාර්තා වේ. ඊශ්‍රායල  අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිය බලය රැකගැනීම සඳහා  රටේ ප්‍රධාන මාධ්‍ය ආයතන අල්ලස් දී   නතුකර ගත් බව වාර්තා විය. එමෙන්ම නිර්දය ලෙස  මාධ්‍ය  මර්දනය කළ අවස්ථා ගැන   විවිධ රටවලින් තොරතුරු සපයා ගත හැක. ජනතාවට සත්‍යය වසන් කිරීම සඳහා කැමරුන් ාජ්‍යය එම රාජ්‍යයේ කොටසක අන්තර්ජාල පහසුකම් අවහිර කළේ කළේය. ොහින්‍යා සුළු ජනතාවට එරෙහිව සිදු සිදුකරන  වධ හිංසා පිළිබඳව වාර්තාකරණයේ යෙදුන ජනමාධ්‍යවේදීන් තිදෙනෙකු හත් අවුරුදු  සිරදඬුවමකට යටත් කිරීමේ සිද්ධියක් මියන්මාරයෙන් වාර්තා විය. එල් සැල්වදෝරය ටැන්සානියාව  ආදී රටවල දූෂණයට එරෙහිව සිය  හඬ අවදි කරන්නට ගිය ජනමාධ්‍යවේදීන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. සෞදි අරාබියානු ජාතික පුවත්පත් කතුවරයෙකු වූ ජමාල් කශෝගි බිහිසුණු ලෙස ඝාතනයට ලක්වන්නේ  අසාධාරණය හා අයුක්තිය ට එරෙහිව සිය හඬ අවදි කිරීම  නිසාය.

නිදහස් මාධ්‍ය   ක්‍රියාත්මක නොවන  පරිසරයක් තුළ ජනතාවට අහිමි වන දෑ බොහෝය. රාජ්‍ය මාධ්‍ය මඟින් ද,  රාජ්‍ය අනුග්‍රහය ලබන පෞද්ගලික මාධ්‍ය මඟින් ද ජනයාට සන්නිවේදනය වන්නේ පක්ෂපාතී වූ ද සත්‍යය විකෘති වූ ද තොරතුරුය. මේ නිසා නිදහස් තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට අහිමි වන වා පමණක් නොව රටේ සිදුවන්නේ කුමක්ද, තමන්ව පාලනය කරනු ලබන පාලකයින්ගේ පැවැත්ම හා චර්යාව කෙබඳුද  තවදුරටත් ඔවුන් සිය නියෝජිතයන් හා නායකයන් ලෙස තෝරා ගත යුතු ද යන්න තීරණය කර ගැනීම සඳහා ඉවහල් වන දැනුමක් ඔවුන්ට නොලැබේ. මෙය සර්වජන ඡන්ද බලය ඇති රටකට බෙහෙවින් හානිකරය.

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී ‍ රාජ්‍යයක් ලෙස ව්‍යවස්ථාපිත ය. එසේනම් ප්‍රජාතන්ත්‍රවාදී   පාලන ‍ ක්‍රමයක අංග වන ලිවීමේ හා භාෂණයේ අයිතියද, නිවැරදි තොරතුරු දැන ගැනීමේ අයිතිය ද තහවුරු විය යුතු ය. මාධ්‍ය වාරණයක් ඇති කිරීම තුළින් එම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය වේ . ජනතාව සතු බලය ගාමක බලයක් වන්නේ නිවැරදි තොරතුරු මත පදනම්ව ඔවුන්ගේ එම බලය හා කැමැත්ත ප්‍රකාශ කිරීමේ පරිසරයක් තුළය. ජනතාව විසින් තෝරාගනු ලබන පාලකයින් ශික්ෂණය කරන සංවරණ හා තුලන නිවාරකය වන්නේ ද නිදහස්  ජනමාධ්‍යයයි. මේ නිසාම රටක ඇති වන නාස්තිය හා දූෂණය අවම කරගැනීමට හැක. මේ නිසා ජනතා කැමැත්තෙන් තෝරා ගත්  නියෝජිතයින්ගේ හා නායකයින් නිවැරදි කොට ඔවුන්ගේ උපරිමය ලබා ගැනීම සඳහා ද නිදහස්  මාධ්‍ය වල පැවැත්ම අත්‍යවශ්‍ය වේ.

 

මානව හිමිකම් සුරැකීම, නීතියේ  ආධිපත්‍යය පවත්වාගෙන යාම වැනි කරුණු වඩාත් අර්ථවත්  ලෙසත් නිවැරදි ලෙසත් ්‍රියාත්මක වීමට ද නිදහස් ජනමාධ්‍ය  මගින් කෙරෙන දායකත්වය සුවිශාලය. ජනතාව ඉදිරියේ වගකීම් විරහිත හැසිරෙන ාජ්‍යයක් වගවීමෙන් යුත් ාජ්‍යයක් ලෙස ක්‍රියාත්මක වීමට නම් නිදහස්  අපක්ෂපාතී ජනමාධ්‍ය මඟින් සැපයෙන්නේ වටිනා දායකත්වයකි.

ජනමාධ්යය වාරණයට ලක් වූ පරිසරයක වුවද ජනනතාවට සත්‍ය තොරතුරු සැලසීම සඳහා ජනමාධ්‍යයට හැකි බව පැවසෙන උදාහරණ අප අවට ඇති රටවල් වලින් හමුවේ සුඩාන ජනාධිපති ඕමාර් අල් බෂීර් බලයෙන් පහ කිරීම සඳහා ක්‍රියාත්මක  වී ඇත්තේ රටින් බැහැරව සිට ක්‍රියාත්මක වූ  මාධ්‍යවේදීන් පිරිසක් බව හෙළිවේ.

 

කුලරත්න සූරියආරච්චි

 

Comments

  1. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබඳ ගැටලුව වන්නේ එම අයිතිය ඉල්ලා සිටින අය පවා තමා දරණ අදහසක් විවේචනයට ලක් වූ විට හැසිරෙන ආකාරයයි. අන් අයගේ මත නොඉවසීම හා විවේචනය ආනන්තරිය පාප කර්මයක් සේ සැලකීම සමාජය පුරාම දැකිය හැකි දෙයකි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog