Posts

Showing posts from June, 2022
  හැටේ දශකයේ මුල් භාගයේ උපන්   අපිත් උපදිනකොට කිසියම් කුලක ය කට අයිති වෙලා තිබුනා. ඒ නැතිබැරි ගැමි කුලකය .අධ්යාපනයේ දී මේ කුලකය හඳුන්වන disadvantaged families . අපි disadvantaged   කියලා දැනගෙන හිටියේ නෑ. Privileged   families ගැන දැනගෙන හිටියෙත් නෑ . ඒ හින්දා දුකක් නෑ. Comparisons are odious   ගැමි කිව්වට සාම්ප්රදායික ගැමි නෙමෙයි. කොළනි කාරයෝ. ඒ කොලනිය   තිබුණේ (තාත්තාට අනුව). කොතලාවල හාමුදුරුවෝ බෙදා දුන්න ඉඩමක. ඒ ගමේ හිටියේ ලංකාවේ විවිධ පළාත්වලින් ආපු අක්මුල් නැති මිනිස්සු . . ජීවිතය ගැට ගහ ගන්ඩ උදේ හවස ජීවිතේ දියකරපු මිනිස්සු. අනෙක් ළමයි ඉස්කෝලේ ගිය හින්දා.     අපිත් ඉස්කෝලෙ ගියා. හිරියාල දුෂ්කර පළාතක තිබුනෙ ඉස්කෝලෙ. එක්කෝ ඒ ගොල්ලන්ගේ අවාසනාවට. නැත්නම් අපේ අවාසනාවට ඒ ගිය ඉස්කෝලේ ඉංග්රීසි ගුරුවරයෙක් හිටියා. Spare   the rod and spoil the child කියන එක.   තමයි ගුරුවරයාගේ මොටෝ . එක.     . වේවැලෙන් ගැහුවා, කන මිරිකුවා ,දන ගස්වල තිබුණා. දුක හිතුණාම සපත්තු සෙරෙප්පු අරන් දුන්නා අසනීප වුණාම ඉස්පිරිතාලෙ එක්ක ගියා. ඒ දඬුවම් නිසා කිසිම ළමයෙකුට පිස්සු හැදුන