හැටේ දශකයේ මුල් භාගයේ උපන්  අපිත් උපදිනකොට කිසියම් කුලකකට අයිති වෙලා තිබුනා. නැතිබැරි ගැමි කුලකය .අධ්යාපනයේ දී මේ කුලකය හඳුන්වන disadvantaged families . අපි disadvantaged  කියලා දැනගෙන හිටියේ නෑ. Privileged  families ගැන දැනගෙන හිටියෙත් නෑ .ඒ හින්දා දුකක් නෑ. Comparisons are odious

 ගැමි කිව්වට සාම්ප්රදායික ගැමි නෙමෙයි. කොළනි කාරයෝ. ඒ කොලනිය  තිබුණේ (තාත්තාට අනුව). කොතලාවල හාමුදුරුවෝ බෙදා දුන්න ඉඩමක. ඒ ගමේ හිටියේ ලංකාවේ විවිධ පළාත්වලින් ආපු අක්මුල් නැති මිනිස්සු. . ජීවිතය ගැට ගහ ගන්ඩ උදේ හවස ජීවිතේ දියකරපු මිනිස්සු. අනෙක් ළමයි ඉස්කෝලේ ගිය හින්දා.   අපිත් ඉස්කෝලෙ ගියා. හිරියාල දුෂ්කර පළාතක තිබුනෙ ඉස්කෝලෙ. එක්කෝ ඒ ගොල්ලන්ගේ අවාසනාවට. නැත්නම් අපේ අවාසනාවට ඒ ගිය ඉස්කෝලේ ඉංග්රීසි ගුරුවරයෙක් හිටියා. Spare  the rod and spoil the child කියන එක.  තමයි ගුරුවරයාගේ මොටෝ. එක.   . වේවැලෙන් ගැහුවා, කන මිරිකුවා ,දන ගස්වල තිබුණා. දුක හිතුණාම සපත්තු සෙරෙප්පු අරන් දුන්නා අසනීප වුණාම ඉස්පිරිතාලෙ එක්ක ගියා. ඒ දඬුවම් නිසා කිසිම ළමයෙකුට පිස්සු හැදුනේ වත් මනස විකෘති වුණේවත් නෑ .නැති තැන උන්ට නම් පට බැන්දත්.  උන් අපිට ආදරේ බව අපි දැනගෙන හිටියා.

 An English Course for  grade ……. තමයි   ඒ කාලේ ඉංග්රීසි ඉගෙන ගන්න  තිබුණ පෙළ පොත. තිබූ එකම සම්පත. ජනමාධ්යවලින් පාසල් අධ්යාපනය ලබාදෙන චැනල් ඒ කාලෙ තිබුනෙ නෑ. රේඩියෝ ගමේ හොයාගන්න.  තිබුණත්. අපි හිතුවේ මාකෝනි රේඩිවේක හදන්න ඇත්තේ ගමේ අයට මුවන්පැලැස්ස අහන්න වෙන්න ඇති කියලා.

පන්සලේ හාමුදුරුවෝ කියපු පාලි ගාථා වලයි ඉංග්රීසි මහත්තයා කියපු ඉංග්රීසි වලයි වෙනසක් අපි දැක්කේ නෑ. කිව්වෙ මොනවද කියන එක වැටහුණේ. නෑ. සමහර දවස්වලට. පාඩමකින් ඇහුන ඉංග්රීසි කෑලි කිහිපයක් අහුලගෙන චන්ද්රසේන. පිට්ටනිය පුරාම කෑ ගගහා කාර් එක එළවාගෙන ගිය හැටි මතකයි. .Uncle Sirisena’s Farm  කියන පාඩම.අංකල් සිරිසේනස්. පාන්,  නිකම් පාන්, රෝස් පාන්, පරළු පාන්. කිය කිය චන්ද්රසේන… කෑ ගහනවා. එදා කාර් එකේ හෝන්  ගැහුවෙත් පාන් පාන් කියලා  අධ්යාපනයේ දී අපට ඇහෙන කියන දේවල් වටහා ගන්නේ අපේ පරිසරයට බද්ධ කිරීමෙන් කියල.. Piaget  , Bruner  වගේ අය කිව්වේ මේ හින්ද වෙන්න ඇති. ඉංග්රීසි බැරි උනාට චන්ද්රසේනට හොඳට මොළේ කල්පනාව තිබ්බා. . ඉස්කෝලෙ යාම නවත්වලා පොඩියට පොල් කඩයක් දාගත්තා.  අද හොඳ ව්යාපාරිකයෙක්.

කොහොමින් කොහොම හරි ඉංග්රීසි ටිකක් ඉගෙන ගන්ඩ ඕනෑය කියන සිතිවිල්ල හිතට ආවා. ඔය අතර තමයි අල්ලපු ගමේ තියෙන ඉංග්රීසි පන්තිය ගැන ආරංචි වුණේ. ඒ පන්තියේ ඉගැන්නුවේ හමුදාවෙන් විශ්රාම ලබපු හමුදා නිලධාරියෙක්. පිටරටවල පවා යුද්ධ.  කරලා තියෙන බව තමයි ආරංචි වුණේ. පන්තියේ නම  A to Z. ඒ වැඩේ Z දක්වාම කරගන්න බැරිවුණා E, F,G  වගේ වෙනකොට පන්තියෙ නතර වුණා. ගුරුවරයා  න්පොලීසියෙන් අල්ලගෙන ගියා කියලා තමයි ආරංචි වුණේ. පන්තිය ජී. අකුරු ගාවින් නතර වුනේ ඒ විදිහට.

 අපි ලබපු ජීවිතෙත්., ඒ ජීවිතයට සම්බන්ධ සියලුම සිද්ධීන් අහම්බයක් විදිහට තමයි මට හිතෙන්නේ සමහර සිද්ධි සිද්ධ වෙන්නේ දෛවෝපගත විදිහට කියලා සමහරු කියනවා . මට තේරෙන්නේ නෑ. සෝමරත්න අත්තනායක.  මහත්මයා හම්බවෙන්නේ අහම්බයක් විදිහට  ගුරුවරයෙක්  කිව්වට ගුරුවරයෙක් නෙවෙයි. බෝධිසත්ව ගුණෝපේත උතුමෙක්. ඉගැන්වීම් ක්රම ඔහුටම ආවේණිකයි. අද විදිහට බැලුවොත් සම්ප්රදායික යි. To Sir with love …… කියන පොතේ ගුරු තුමා වගේ ආණ්ඩුවේ සිලබස්   විසි කරලා තමා වැඩේ පටන් ගත්තේ. … ඉස්සරලාම අපේ පරිසර වලට බද්ධ වුණ වචන කිහිපයක්. … - හරක් බලනවා, තණකොළ කපනවා, වහිනවා වැස්සී.  වහුපැටියා .    ඊට පස්සේ ඒ වචනවල විවිධ රූප. නාම පද නාම විශේෂණ ක්රියා පද ක්රියා විශේෂණ. සමහර වචන. ආවේ මොන භාෂාවලින්ද? කියලත් කියලා දුන්නා. එතකොට තමා දැන ගත්තේ  භාෂාවක් හැදිල තියෙන්නෙ තවත් විවිධ භාෂා එකතු වෙලා කියල. ඉගෙන ගත්ත වචන යොදලා අදහසක් ප්රකාශ කරන විදිහ ඊට පස්සෙ.  වාක්ය රටා ඉදිරිපත් කළේ ඒ විදිහට. English  with a smile කියලා පොත් තුනක් තිබුනා ඒ කාලේ  ඒ වගේ තිබුණා කතන්දර…... දුරස්ථ බවක් තිබුණේ නැහැ (Loku Banda of Galagedara ලොකුබණ්ඩා ඔෆ් ගලගෙදර මතක හිටින පාඩමක්. යම් උවමනාවක් සඳහා ගමේ ඉඳන් නගරයට ගිය කෙනෙකුට  ටවුමෙ හිටපු. හිටපු කොල්ලෙකුගෙන් උණ අරෝවක්.  -. රැවුලෙන් ඇදලා -පිලිබඳව පාඩමක්. ඒ පාඩම් වල තියෙන වාක්ය රටා වෙනම ලියා ගෙන පාඩම් කරගන්න ඕනේ .රචනා ලියන කොට අර වාක්ය රටා යොදන්නත් ඕනෑ. එහෙම ලියන අපේ වාක්යවල තියෙන. පාඩමේ අහු වෙන වැරදි අඩුපාඩු වලින්.  විවිධ පරාසයන්ට යනවා. මේ ක්රමයට. Spiral Method ස්පයිනල් මෙතඩ් කියලා කියනවා කියලා මම දැනගත්තේ පසුව. තවත් ටිකක් කල් යනකොට ඉංග්රීසි පත්තරයක් පන්තියට එනවා. සන් පත්රය.(The Sun)  පත්තරේ තියෙන වැදගත් ලිපි සහ කතුවැකිය එකතු කරන්න ඕන. ඒවා කියවලා. ඒ වචන පාඩම් කරගන්න ඕන. ලියනකොට ඒ පාඩම් කරගත්ත වචන. යොදා ගන්න ඕන. ඒවා නිවැරදි කරන්න. තවත් පාඩම්. අවුරුද්දක් දෙකක් විතර යනකොට ඉංග්රීසි සාහිත්ය ඉගෙන ගනිමු කියන යෝජනාව කළේ ගුරුතුමා විසින්මයි. 1977, 1978 කාලෙ. සාමාන්ය පෙළ ඉංග්රීසි සාහිත්ය ට නිර්දෝෂී වුණු පොත්.  Macbeth, Jungle tide මැක්බත්. ජංගල් ටයිඩ්.  කෙටිකතා. දහයක් විතර. සහ  තවත් කවි විස්සක් විතර.

ඉංග්රීසි කියන්නේ ස්ටයිල් එකට කතා කරන භාෂාවක් විතරක් නෙමෙයි  එහා තියෙන ලෝකයක් දකින්න පුලුවන් බව අපට තේරුණේ ඒකෙන් පස්සේ මැක්බත් නාට්යයේ තියෙන්නෙ රාජ්ය පාලනය. කුරිරු දේශපාලන. බල ලබා ගන්න සහ ලබාගත් බලය රැක ගන්නවෙහෙසෙන උන්නතිකාමී මිනිහෙක්. . ඒ නිසාම ඔවුන් තමන්ගේ විනාශය ළඟා කරගන්නව. අද පවතින මේ සමාජය.එදා අපට පෙන්නලා දුන්නේ එතුමා අපේ ජීවිත හදන්න එතුමා කරපු උත්සාහය අදත් සිහි කරන්නේ භක්තියෙන්.   ඒකෙන් ලැබුණ ඉංග්රීසි දැනුම, වචන බරසාර යි ආගම්වලට වඩා සාහිත්යයට. මිනිස්සුන්ගේ ජීවිතවලට බලපෑමක් ඇති කරන්න පුළුවන් බව අපි වටහා ගත්තේ ඒකෙන්.

 මොහොතකට කරගෙන යන  පාඩම නවතන ඔහු. රොබින්සන් රූසෝ (Robinson Crusoe ,Gulliver’s Travels  වැනි පොත්පත් වලින්. තෝරා ගත් රසවත් සිද්ධියක් දෙකක් කියනවා. මේවා ගැන වැඩිපුර දැනගන්න ඕන නම් මේ පොත් හොයාගෙන  කියවන්න තියන එක.  තමයි පණිවිඩය.    ඒ කාලේ. නුවර වගේ නගරවල පරණ පොත් කඩ තිබුණා. ඔය පොත් කඩවල රස්තියාදු වෙනකොට මේ පොත්හ ම්බ වුණා..       අබලි වෙලා ගියත් ඒවායේ කියවන තත්වයකින් තිබුණ නිසා මේවා. අමාරුවෙන් ඩික්ෂනරි ආධාරයෙන් තේරුම් ගන්න උත්සාහ කළා.

අද ඉංග්රීසි ඉගෙන ගන්න එක.    අමාරු නෑ. ඉංග්රීසි පන්ති නැති තැනක් නෑ.

 සෙන් භික්ෂුවක ගේ ඇවතුම් පැවතුම් තිබෙන. ඒ උතුම් මනුෂ්යයා මම තවත් හොයනවා.

Comments

  1. අපිත් තුනේ පංතියේ ඉඳලා ඉංගිරිසි ඉගෙන ගත්තා. අර pattern practice කියලා කොටු ඇතුලේ තියන වචන එකතු කරලා වාක්‍ය හදලත් කිව්වා. හැබැයි කවදාවත් තනිවම වාක්‍යයක් ලියාගන්නවත් කතාකරන්නවත් පුළුවන් උනේ නෑ. තාත්තා ටොකු ඇන ඇන කියලා දුන්න ටිකෙන් ගෙදර අල්මාරිවල පුරවලා තිබුන පොත් කියවන්න ගත්ත උත්සාහය නිසා තමයි ගොඩගියේ. හැබැයි බය නැතිව කතාකරන්න තව සෑහෙන කාලයක් ගියා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog