මහාමාර්ග දෙපාර්තමේන්තුවේ ගොවියෝ

 

 

හේන් වල කුඹුරු වල වැඩ කරමින් සිටි ගොවියෝ දැන් වැඩ කරන්නේ මහාමාර්ග දෙපාර්තමේන්තුවේය. ජනමාධ්‍ය ක්ෂේත්‍රවල ය. හැදිච්ච, විනීත ගොවියා ජාතිකරූපවාහිනියට  වැද  කාබනික පෝර හදමින් වගා කරති. ජාතික රූපවාහිනියේ කාබනික අල ලොකුය. සිරස නාලිකාවේ  වැඩ කරන ගොවියා අවිනීතය, අසංවරය .කාබනික පෝර පවා ඔවුන් සමග අමනාප වී ඇත. උන්ට බහින අල  කුඩාය . අණ්ඩය තරමටම කුඩාය.  ඔවුන් රජ මැති ඇමතිවරුන්ට බනිති. සාප කරති. අපාගත වෙති.

 රටින් ගෙනා තෙල් පෝර යොදා ගෙන ගොවිතැන් කරන ගොවියාට ද ,ඒ බව භෝග කන හුදී ජනයාටද අතුරු ආන්තරාවක් වෙතැයි යන බියෙන් අපේ හින්ගල රජ්ජුරුවෝ  රට පොහොර වලට ඉඩ තිත තැබුවේ ය . මතට තිත තැබුවා වගේමය. මේ කාරණය තේරුම් නොගත් ගොවියෝ එතුමා ටද, කෘෂිකර්මාන්ත ඇමතිතුමාට  ද බනිමින් ශාප කරමින්  හැසිරෙත්.

 ඉන්දියාවේ මෝදි අගමැතිවරයා ද ගොවියාට බොහෝ  ආදරය කළ රාජ්‍ය නායකයෙකි . කුඹුරෙන් ගොඩට ගෙන ගොවියාගේ මඩ සේදූ මෝදි  ගොවියාට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ හා මහාමාර්ග දෙපාර්තමේන්තුවේ රැකියා ලබා දුන්නෝය. ගොවියෝ එතුමා ටද බනිමින් ශාප කරමින්  හැසිරෙත්., මෝදිට එම අකරතැබ්බයකට මුහුණ පෑමට සිදු වූයේ ඉන්දියාවේ වෙසෙන ධනවත් මිනිසුන්ට ගොවියාගේ කුඹුර බාරදී ගොවියාට මදක් විවේකයෙන් සිටීම සඳහා පාරලිමේන්තුව අණ පනත් වෙනස් කළ නිසාය

 එක්දහස් නවසිය තිස් ගණන්වල රුසියාව පාලනය කර ජෝසෆ් ස්ටාලින් නැමැති නායකයා රාජ්‍ය කරන සමයෙහි ද ගොවිපොළවල්වල  නාකි වී වයසට යන ගොවියා  දුටු ජෝසප් ස්ටාලින්  උන් කෙරෙහි අනුකම්පාවෙන් ගොවියාට  මඳක් විවේක ගන්නට ඉඩ හැර ගොවිබිම් කර්මාන්තශාලා තැනීම සඳහා යොදා ගත්තේය.  අමුඩයටම ආශක්ත වී සිටි අමුඩයට ආලය කළ ගොවියෝ  ස්ටාලින් ගේ මෙම මහඟු පරමාර්ථයේ තේරුම් නොගෙන ස්ටාලින්ට ආඩපාලි කියන්නට විය ..ස්ටාලින්ට විරුද්ධව වූ අයට ස්ටාලින්ට  කිසිදිනක හිරිහැර නොකළේය. තමන්ට නින්දා පරිභව  කළ අය පවා සසර දුකින් එතෙර කරවන්නට එතුමා උත්සුක වූයේය. ස්ටාලින්ගේ මැදිහත්වීම නිසා නිවන් මඟට පිළිපන්  එක් අයෙකු ලියොන් ට්‍රොස්කි ය.

Osip Emilevich Mandelstam ජෝශප් ස්ටාලින්ගේ දැහැමි පාලනය මනාසේ අත්දුටු කිවිඳිය කි. ඇය ඔහුට ප්‍රශංසා කර ඔහු වෙනුවෙන් ස්ත්‍රෝත්‍ර ගී ලිවීය. එම ගීත අපේ රටේ මෑතක දී ඇසුන මහරජාණෙනි, රට රකින අපේ විරුවා වැනි ගීත වලට බෙහෙවින් සමානය.  Stalin epigram යන කවියෙන් උපුටා ගත් මෙම කවිය බලන්න.

 

 

 

බිහිරි  කන් වලට නෑ ඇහෙන්නේ විලාපය මහපොළොව

අපේ දුක් අඳෝනා පනින්නෑ එළිපත්ත

 දෙඩෙව්වත් විකාරෙන් මහ එකා

ගව් ගණන් දුර ට ඒ ඝෝෂාවඇහෙනවා

ඇඟිලි ටික රිලව් වගේ ඉදිමිච්ච

 බරු වගෙයි ඊයම් වචන ටික පිට පනින

කැරපොත්තුපෙරහැරක් උඩු රැවුල විරිත්තන

සපත්තුවෙ දිලිසීම කන්නාඩියක් සේ

 

ඔහු වටා දැවටෙමින් දොඩවනවා ඇමති රැල

හඬ තලයි අසා ඔහු  නිවටුන්ගේ තුති ගී

ඇඟිල්ලක් ඔසවමින් මදක් සන් කරණ විට

උඩුබුරන ඇතිල්ලෙන  ඇමති රැල පුරුපුරුව

 

ලාඩමක් සේ ගසයි ඔහු කියන අණපනත්, ආඥා

හිස ,උකුල, ඇස මත සැණෙකින්

කැපූ හිස් පලිහයක්  මත තබා පුද කරනයුරු පුදපඬුරු සේ

 

 

 

 


Comments

Popular posts from this blog