දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි

පහන ළඟයි ආලෝකේ දුරයි

 යන්න ගීතයක කොටසකි. මේ ගීතයට අනුව ලෝකයේ ඇත්තේ මවන ලද නිර්මිතය. අමුඩය කවදාක දිනෙක මැව්වේ දැයි යන්න සොයා බැලිය යුතුය . අමුඩයේ මැව්වෙ  මිනිසා  මවා ඊට පසුව විය යුතුය. සාතං මුණ ගැසෙන විට ආදම් සිට ඇත්තේ හෙළුවෙනි .

 කණ්නාඩියට ගැලපෙන  සේ නාසයද, කරාඹු වලට ගැලපෙන කන්පෙති ද , තොප්පි වලට ගැලපෙනසේ ඔලුව ද මවා ඇති ආකාරය විශ්මය ජනකය. දේශීය අඹුඩය ඇඳීම සඳහා ශරීරයේ ගැජට් එකක් නැත. මීට දශක කීපයකට පෙර විසූ ගැමියන්ගේ ඉන වටා බැඳ ඇති නූලක් විය. දිය ලණුව ලෙසින් හැඳින්වූ මෙම මෙම ලණුව උපකාර කොට ගත්තේ අඹුඩය ගැසීමටය ..හේනේ කුඹුරේ වැඩ කරන විට ,මිනිසුන් අවට ඇති විටෙක දිය  නාන විට මෙම අමුඩය බෙහෙවින් ප්‍රයෝජනයට පත්විය. රට අමුඩයේ ආගමනයත් සමඟ  සමග දුකේදීත් සැපේදීත් ගොවියා සමග සිටි දිය ලණුව ගැලවී ගියේය. හේතුව එම රට අමුඩයේ  inbuilt දිය ලණුවක් තිබීම නිසාය.  දිය ලනුවෙන් තොරව අමුඩයට පැවැත්මක් නැත .නමුත් දිය ලණුවට අමුඩයෙන්  තොරව පැවතිය හැක .ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක දේශපාලකයෝ අමුඩය  නම් ජනතාව දිය ලණුවයි.

කලාකරුවන්ට හා දේශපාලකයින්ට ජනතාවට අඹුඩ ඇන්දවීම හා ගැලවීමට   සිවිල් බලයක් ඇත. විජය කුමාරතුංගට අඹුඩ ගැස්වූයේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. ඒ අඹුඩය posh අඹුඩයකි. සුදත් රෝහණ, ශ්‍රීයන්ත මෙන්ඩිස්ට හා ඉන්ද්‍රසිරි නාවින්න ට අඹුඩ ගස්සන්නේ බැද්දෙගෙදර ටෙලි නාට්‍යයේ ය. ඒ ඇඳගෙන ඉන්නෙ ඔරිජිනල් අඹුඩය.i

අශෝක හඳගමයෝ අඹුඩ නුරුස්සති.

ගොවියාගේ අමුඩය ඉහළට එසවීමේ ගෞරවය එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාට හිමි විය යුතුය. සඟ වෙද ගුරු ගොවි කම්කරු යන පංච මහා බලවේගය ප්‍රධාන බලවේගයක් වන්නේ අමුඩයක් ගැසූ ගොවියාය

අමුඩයක් ගසාගෙන පාර්ලිමේන්තුවට පැමිණ  පාර්ලිමේන්තුවට නිසි ගෞරවය ලබා දුන්නේ විජයානන්ද දහනායක නම ඇමතිවරයාය ඒ 1964 දී  රෙදි සලාක ක්‍රමයට බෙදීමට එරෙහිව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයට විරෝධය දැක්වීම සඳහාය.

ගොවි විශ්‍රාම වැටුපක් ලබාදීම සඳහා ආර් ප්‍රේමදාස මහතා වරෙක සියලුම ගොවීන්  කොළඹට කැඳවීය .රැස්වීම් අවසාන වී ගොවීන් ගෙදර යන විට ඇතැම් අයගේ අමුඩ ද අහිමි වී තිබිණ.

ජනතා විමුක්ති පෙරමුණද ගොවියාට අමුඩ ගැසූ වාර වාර අනන්තය. ඒ අමුඩ කළු පාටය fashionable .විවිධත්වයෙන් තොරය.

වෘත්තීය සමිති කාරයෙක් සිය වෙළඳ ඇමතිතුමාගේ ඇමති  අමුඩය දේශීය ද විදේශීය දැයි යන  වග ජනතාවට පෙන්වන ලෙස වෙළඳ මැතිතුමාට අභියෝග කළේය. වෙළඳ ඇමති තුමා මෙම අභියෝගය භාර ගන්නේ නම් එය ඉතාම ප්‍රවේශමෙන් කළ යුතුය. ජනතාවට පෙන්වීමට පෙර සිය බිරිඳට හෝ උපදේශකයන්ට පෙන්වා කිහිප වරක් පෙන්වා රිහර්සල් කළ යුතුය. එසේ නොකළහොත් සිස්සත්ව විභාගයට ලියන රූපවාහිනී නරඹන කුඩා දරුවන් අඹුඩය ගැන මෙසේ ලියනු ඇත.

අමුඩය ත්‍රිමාණය. කුඩා ප්‍රමාණයේ වාමන රූපයක් බඳුය.

 

Comments

Popular posts from this blog