අලි හෙම්බිරිස්සාව

 

අලින්ට හෙම්බිරිස්සාව හැදෙන බව අපි දැන ගත්තේ මුනිදාස කුමාරතුංගයන් විසින් ලියන ලද හීන්සැරය කියවීමෙනි.ගමේ ගරු ගාම්භීර ලෙස ජීවත් වන  කළු ගලක් වන් මහා සද්දන්තඅලි  රාළහාමිට හීන් දාඩිය දමන්නේ අලි  කෙන්දක් පමණ ශරීරයක් ඇති කටුසු හාමි ගේ වැඩ නිසා ය. කටුසු හාමි ලා ටිකක් කල්පනා කළ හොත් කළ නොහැකි දෙයක් නැත. කණගාටුවට කාරණය නම් පොඩි එවුන් ඒවා තේරුම් නොගැනීමය. අලියා වැටුණු වැව ආරච්චි රාළ ගැන කවි ලීවේ විමලරත්න කුමාරගමයෝය. දළදා මාලිගාවේ ධාතු කරඬුව වඩම්මන නැදුන්ගමුවේ ඇත් රජාට ගරු කරන්නේ දෙවියන්ට  මෙනි පාරේ යන ඇතා වන්දනාමාන කොට ඔහුට සත්කාර කෙරේ .අතුරු ආන්තරාවක් වේ ය යන බියෙන් පොලිස් ආරක්ෂාව ද ලබා දෙ. එම ඇතාමඋන්ටම අයිති වාසභූමි තුළ ගඩා ගෙඩියක්  කා  සාපිපාසා නිවාගන්නට උත්සාහ කරන විට හක්කපටස් තබති, වස දෙති මරති.     මේවා අලි ප්‍රශ්නය.

කුඩා කාලයේ අපේ ගමේ අලි  බලාගන්න මිනිසෙක් විය. ඒ නිසාම ඔහුගේ ගෙදර අලි ගෙදර විය.  වැඩිහිටියෝ ඔහුට කතා කළේ අලි මල්ලි කියාය .ඒ ගෙදර අලි ගෙදරයි.ෙගදර දරුවෝ අලි මල්ලි , අලි නංගී ආදී වශයෙන් හැඳින්වි. හාල් මැස්සියක  තරම් වූ අලි බිරිද අලි නැන්දා විය , නංගී අලි නංගී විය,  අක්කා අලි අක්කා විය. ඒ වන විටත් විශ්වවිද්‍යාලයක ඉගෙන ගනිමින් සිටි අලි අයියා සිටියේ අලි වංශයෙනි . අලි ඇසුර නිසා කුඩා මිනිසුන්ද අලි බවට පත්වේ.

 අලි රොෂාන් අලි  චරිතයකි. එසේ වන්නේ අලි හිතැති ජනයාට අලි ලබා  දීම නිසාය. අනුරාධපුර, පොළොන්නරුව වැනි කැලෑවල නොකා නොබි දුක්විඳින අලි පැටව් දැක උන් කෙරෙහි පතළ මහත් අනුකම්පාවෙන් ඒ සියලුම අලි කොළඹ ප්‍රදේශයේ ඇති හැකි අය වෙතට ලබා දීම පවක්ද ? ඒ අලි පින්කම් ගැන කතා කිරීමට ගිය ජනමාධ්‍යවේදීන්ට අලි කරදර විඳින්නට සිදුවිය. ඉතාමත් කරුණාවන්ත  ස්වාමීන් වහන්සේලා ගැන කතා නොකරම බැරිය. අලි කාරයකුගේ නොහික්මුණු හැසිරීම නිසාවෙන් අතරමං කොට දමා ගිය අලි පැටියෙකු සිය පන්සලේ රඳවාගෙන ඌට කවා පොවා ඇති දැඩි කොට බලා කියා ගත් එම හාමුදුරුවන් ගේ පන්සලට පැමිණෙන හිත් පිත් නැති රාජ්‍ය නිලධාරීන් එම  හාමුදුරුවන්ගෙන් අලි පැටියා උදුරාගෙන ගොස් කැලයේ දුක් විඳින්නට ද මාපිය. විමලරතන මහනායක හාමුදුරුවෝ අපවත් වූයේ අලියෙක් ගැසීමෙන් නිසා බවට කට කතාවක් පවතී. ඒඇතින්නක ගැන සිත සිතා  විරහ වේදනාවෙන් පසු වූ ඇතෙකුට ඇතින්නක ලබාදෙනවා වෙනුවටසියඹලා දෙන්නට යාම නිසාය. උඩුවේ ධම්මාලෝක හිමියන් ගෙන් පැහැර ගත් අලි පැටියා යළි උන්වහන්සේටම ලබා දෙත්වා යන්න අපේ පරම පැතුමයි .

 

.

Comments

Popular posts from this blog