. හාල් පොතේ ආතල් එක

කූපන් පොත හෙවත් හාල් පොත ආයෙත් එනවා කියලා කසුකුසුවක් තියෙනවා………………අපි උපදිනකොට හාල් පොත තිබුණා. ජීවිතයෙන් භාගයක  පණ ගැටගහ ගත්තෙ මේ හාල් පොතට පින් සිද්ධ වෙන්න. අනිත් භාගය  ගස් වල තිබුන ගඩා ගෙඩි වලට පින්සිද්ද වෙන්න. හාල් පොත  නැති වුණේ කොයි කාලෙද කියන්න මතක නැහැ.හාල් පොත නැති වුණේ සමහර විට අසූ ගණන් වල වෙන්නට ඇති .හාල්  පොතට  කූපන් පොත කියලත් කීවා.

හාල්පොත විවිධ පාටවලින් ඉන්න ඇති. මට මතක කහපාට පොතක්.මේ කහපාට පොතේ කුඩා කොටු කොටු තිබ්බා. ඒ කොටුවල අංක තිබ්බා. ඒවට කිව්වේ මුද්දර. සමූපාකාර මැනේජර් මහත්තය මුද්දර කපාගෙන මුද්දර වලට හාල් සීනි පිටි වගේ දේවල් ලබා දුන්නා.

කූපන් පොත පිට පැත්තේ තිබුනේ අඹුඩෙයක් ගහ ගත්ත ගොවියකුගේ පින්තූරයක්.  හාල්  පොතේ මුද්දර කැපෙන්න කැපෙන්න ගොවියත්  ටික ටික කැපුනා යටි පතුල්, කකුල් දෙක, ඊට පස්සේ අඹුඩෙ හා තදාසන්න අවයව.හාල් පොත ඉවර වෙනකොට බෙල්ල. අවුරුද්ද අවසාන වෙනකොට  කොහොමින් කොහොමින් හරි  මැනේජර් මහත්තයයි අපියි  එකතු වෙලා ඒ ගොවියා කෑලි කෑලි වලට කපලා මරලා.

  සමුපාකාර වලත් මහා දේවල් තිබුණේ නැහැ .පිටි, සීනි හාල් . හාල් වර්ග දෙකක් තිබුණා නිවුඩු හාල් හා සිංහල හාල්. හාල් ටික ලැබුණේ එකට එකේ අනුපාතයට හා හාල් සියට 50 යි නම් වී සියට 50. ගෙදර ඔක්කොමත් එකතුවෙලා හාල් වල වී ඇහිදිනවා .කොච්චර ගැරුවත් හාල් වල ගල් යන්නෑ කියලා අම්මා කියනවා මතකයි.

 හාල්පොත් එක්කම ඇතිවුන සමහර සංස්කෘතික ලක්ෂණ තිබුණ.  උදාහරණයක් වශයෙන් සමහරු හාල් වලින් සීට්ටු දාපු කාලයකුත් තිබුණා හාල් පොත උගස් තියලා සල්ලි අරගෙන බීපු පොරවල් හිටියා.

Delta, Gamma, Beta Alpha වලට කලින් හාල් පොත ආවොත් හොඳයි. හාල් පොතේ ආතල් එක විඳලා මැරෙන්න

 

Comments

Popular posts from this blog