සිංහලයට එකතු වන අව වහර

ballet ටිකෙන් බුලට් හොයාගෙන යන අපට සමහර විට හම්බ වෙන්නේ හාල් කෑලි ය. පට්ට වැඩිඩෝ යයි රඟාගෙන සිටින ඇතැම් අය කබ්බෝය . මහාචාර්ය සරත් විජේසූරිය වරෙක එක් ජනාධිපතිවරයකු හැඳින්වූයේ  ඇබිත්තං මිනිහා කියාය….. ඇබිත්තං මිනිහා යන්න හාල් කෑල්ල ට පර්යාය පදයක් ලෙසද ගත හැක.

කෑල්ල හන්දිය ඇත්තේ කෑගල්ල පැත්තේය. නව යොවුන් වියේ පසුවන දැරියකට කෑල්ල යන යෙදුම් භාවිතා කෙරේ.කොල්ලො පමණක් නොව හැටත් පැන හො ටත්  බිම ඇනුන චමින්දලා  එසේ කියති.   සමහර  චමින්දලා තෙල් බෙදන්නට පටන් ගත් විට ඇණ බවට පත්වේ . ඇණ යන්න වාතයක් යන්නට සමාන පදයකි. ජනතාවට මෙන්න  ගෙදර උන්ට ද එපා වූ සමහර දේසපාලුවෝ පරාල ඇණ සේ  රැඳී සිටිති . ගෙයි ගෙම්බෝ මෙන්ය . ගෙම්බෙකු ගෙට ඇබ්බැහි වූ කළ කිසිසේත් ගෙයින් එළියට නො යති .ගෙයින් එළියට විසි කළ ද ගෙම්බා රැඳී සිටින්නේ ගේ දිහා බලාගෙනය.

කොවිඩ් නයින්ටීන් යනු මාර පොරකි . ඌට ඕන වැඩ්ඩෙක් blast කළ හැක

වටපඩයා යනු නිවට නියාලු කිරිපල්ල නැති  පිරිමින් හැඳින්වීමට යෙදෙන වචනයකි………මාර්ටින් වික්‍රමසිංහ සිය වහල්ලු යන කෙටිකතාවේ කිරිපල්ල යන වචනය භාවිතා කරයි . වටපඩයා යන්න පැහැදිලි කිරීම සඳහා උදාහරණයක් දක්වමි.

දිනක් ජනාධිපතිතුමා දෙස් විදෙස් නියෝජිතයන්ගෙන් සැදුම් ලත් සාකච්ඡාවක මුලසුන දරා සිටියේය.සභාව ඇමතීමට නැගී සිටි සිටි කල, වැලපෙමින් , කැළඹෙමින් , තෙරපෙමින්  සිටි විධායක ජනාධිපති අධෝවාතයක්  චූස් යන අනුකරණයෙන් පිට පැන්නේය. මහා දුර්ගන්ධයක් පැතිරිණ.ඇමෙරිකානු තානාපතිනිය සිය අත්බෑගයෙන් මුහුණ වසා ගත්තේය. ඉන්දියානු තානාපති වරයා සිය ලුංගියෙන් මූණ  වසා ගත්තේය. කැනේඩියානු තානාපතිවරිය සිහි විසඥව රෝහල් ගත කළේය.වහාම නැගි සිටි එක් ඇමතිවරයෙක් එම වාතය සිය උදරයෙන් පිට වූවාක් මෙන් අභිනයෙන් දක්වා සිටියේය.සමාව ඉල්ලන ආකාරයෙන් ජනයා දෙස බලා සිටියේය .ජනාධිපතිවරයාද කෘතවේදීව ඔහු දෙස බැලුවේය. මේ දෙස ඉරිසියාවෙන් යුතුව බලා සිටි තවත්  ඇමතිවරයෙක් වාතය කැමැත්තෙන් භාරගත් ඇමතිවරයාට ලං මෙසේ කීවේ.

ඉඳින් ජනාධිපතිතුමා තවත් වාතය ඇරියේ වී නම් එම එම වාතයේ වගකීම මට බාර දුන මැනව

 මෙබඳු ඇමැත්තෝ වට පඩයෝ ලෙස හැඳින්වේ.කාලයාගේ ඇවෑමෙන් ජනාධිපතිතුමා එකී අධෝවාතය බාරගත් ඇමතිවරුන්ට කළගුණ දක්වා සිටියේය. අධෝවාතය බාරගත් ඇමැතිවරයා සෞඛ්‍යය ඇමති ලෙස ද, ඉදිරියේදී වාතයක් බාරගන්නට ඉදිරිපත්වූ ඇමතිවරයා අධ්‍යාපන ඇමතිවරයා ලෙස ද පත් පත් කළ බව දත යුත්තේය

 

Comments

Popular posts from this blog