බොරුව බොරුව කවදා කෙදිනක උපන්නේ දැයි කිව නොහැක . සමහර විට එය පැන්ඩෝරාගේ පෙට්ටියෙන් එලියට පැන මිනිසුන් අතර සැඟ වී සිටිනවා ඇත . තහනම් ගසේ ගෙඩි කන ලෙසට යක්ශයා ඒව රවටා ගෙන ඇත්තේ බොරු කීමෙනි . බොරුව ඉපදී ඇත්තේ අප සමගමය . බොරුව දැන් අපට නැතිවම බැරිය . හරියට ඔක්සිජන් වගේය . එය නඩුහබ කීමට , දරුවා ජනප්‍රිය පාසලකට ඇතුළත් කර ගැනීමට , පරණ වාහන ලඩියක් තව කෙනෙකුගේ ඇඟේ ගැසීමට අත්‍යවශ්‍යය , ජීවිතය වාහනයක් නම් බොරුව ඩීසල් පෙට්රල්වැන්න . දේශපාලනය කරන්නෙකුට , මැති , ඇමති , අගමැති ජනපති වීමට බොරුව අත්‍යාවශ්‍යය . බොරුව නැතිවම බැරිය . උන්ට බොරු කියන්නට ගියා දී ඇත්තේ මැකියාවලීය . මවුපියෝ කුඩා දරුවන් මෙල්ල කරගන්නේ බොරු කීමෙනි දඟ කළොත් බිල්ලා එනවා යන්න එසේ ප්‍රචලිත බොරුවකි . එකල කොල්ලො මෙම බොරුවට රැවටී නිහඬ විය . මෙකල වසන කොල්ලො එබඳු බොරු වලින් සමනය කළ නොහැක . ලංකාවෙ විචාරශීලි අධ්‍යාපනයෙන් ලැබෙන චින්තනය නිසා ඔවුහු සිතති . විමසති . බිල්ලා පෙන්නාපන් බිල්ලා පෙන්නාපන් කියමින් හඬති . බොරුව ටෙලිනාට්‍යයට චිත්‍ර...
Posts
Showing posts from September, 2021
- Get link
- X
- Other Apps
දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි පහන ළඟයි ආලෝකේ දුරයි යන්න ගීතයක කොටසකි . මේ ගීතයට අනුව ලෝකයේ ඇත්තේ මවන ලද නිර්මිතය . අමුඩය කවදාක දිනෙක මැව්වේ දැයි යන්න සොයා බැලිය යුතුය . අමුඩයේ මැව්වෙ මිනිසා මවා ඊට පසුව විය යුතුය . සාතං මුණ ගැසෙන විට ආදම් සිට ඇත්තේ හෙළුවෙනි . කණ්නාඩියට ගැලපෙන සේ නාසයද , කරාඹු වලට ගැලපෙන කන්පෙති ද , තොප්පි වලට ගැලපෙනසේ ඔලුව ද මවා ඇති ආකාරය විශ්මය ජනකය . දේශීය අඹුඩය ඇඳීම සඳහා ශරීරයේ ගැජට් එකක් නැත . මීට දශක කීපයකට පෙර විසූ ගැමියන්ගේ ඉන වටා බැඳ ඇති නූලක් විය . දිය ලණුව ලෙසින් හැඳින්වූ මෙම මෙම ලණුව උපකාර කොට ගත්තේ අඹුඩය ගැසීමටය .. හේනේ කුඹුරේ වැඩ කරන විට , මිනිසුන් අවට ඇති විටෙක දිය නාන විට මෙම අමුඩය බෙහෙවින් ප්‍රයෝජනයට පත්විය . රට අමුඩයේ ආගමනයත් සමඟ සමග දුකේදීත් සැපේදීත් ගොවියා සමග සිටි දිය ලණුව ගැලවී ගියේය . හේතුව එම රට අමුඩයේ inbuilt දිය ලණුවක් තිබීම නිසාය . දිය ලනුවෙන් තොරව අමුඩයට පැවැත්මක් නැත . නමුත් දිය ලණුවට අමුඩයෙන් තොරව පැවතිය හැක . ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක දේශපාලකයෝ ...
- Get link
- X
- Other Apps
අලි හෙම්බිරිස්සාව අලින්ට හෙම්බිරිස්සාව හැදෙන බව අපි දැන ගත්තේ මුනිදාස කුමාරතුංගයන් විසින් ලියන ලද හීන්සැරය කියවීමෙනි . ගමේ ගරු ගාම්භීර ලෙස ජීවත් වන කළු ගලක් වන් මහා සද්දන්තඅලි රාළහාමිට හීන් දාඩිය දමන්නේ අලි කෙන්දක් පමණ ශරීරයක් ඇති කටුසු හාමි ගේ වැඩ නිසා ය . කටුසු හාමි ලා ටිකක් කල්පනා කළ හොත් කළ නොහැකි දෙයක් නැත . කණගාටුවට කාරණය නම් පොඩි එවුන් ඒවා තේරුම් නොගැනීමය . අලියා වැටුණු වැව ආරච්චි රාළ ගැන කවි ලීවේ විමලරත්න කුමාරගමයෝය . දළදා මාලිගාවේ ධාතු කරඬුව වඩම්මන නැදුන්ගමුවේ ඇත් රජාට ගරු කරන්නේ දෙවියන්ට මෙනි … පාරේ යන ඇතා වන්දනාමාන කොට ඔහුට සත්කාර කෙරේ . අතුරු ආන්තරාවක් වේ ය යන බියෙන් පොලිස් ආරක්ෂාව ද ලබා දෙ . එම ඇතාමඋන්ටම අයිති වාසභූමි තුළ ගඩා ගෙඩියක් කා සාපිපාසා නිවාගන්නට උත්සාහ කරන විට හක්කපටස් තබති , වස දෙති මරති . මේවා අලි ප්රශ්නය . කුඩා කාලයේ අපේ ගමේ අලි බලාගන්න මිනිසෙක් විය . ඒ නිසාම ඔහුගේ ගෙදර අලි ගෙදර විය . වැඩිහිටියෝ ඔහුට කතා කළේ අලි මල්ලි කියාය . ඒ ගෙදර අලි ගෙදරයි . ෙග...
- Get link
- X
- Other Apps
සිංහලයට එකතු වන අව වහර ballet ටිකෙන් බුලට් හොයාගෙන යන අපට සමහර විට හම්බ වෙන්නේ හාල් කෑලි ය . පට්ට වැඩිඩෝ යයි රඟාගෙන සිටින ඇතැම් අය කබ්බෝය . මහාචාර්ය සරත් විජේසූරිය වරෙක එක් ජනාධිපතිවරයකු හැඳින්වූයේ ඇබිත්තං මිනිහා කියාය ….. ඇබිත්තං මිනිහා යන්න හාල් කෑල්ල ට පර්යාය පදයක් ලෙසද ගත හැක . කෑල්ල හන්දිය ඇත්තේ කෑගල්ල පැත්තේය . නව යොවුන් වියේ පසුවන දැරියකට කෑල්ල යන යෙදුම් භාවිතා කෙරේ . කොල්ලො පමණක් නොව හැටත් පැන හො ටත් බිම ඇනුන චමින්දලා එසේ කියති . සමහර චමින්දලා තෙල් බෙදන්නට පටන් ගත් විට ඇණ බවට පත්වේ . ඇණ යන්න වාතයක් යන්නට සමාන පදයකි . ජනතාවට මෙන්න ගෙදර උන්ට ද එපා වූ සමහර දේසපාලුවෝ පරාල ඇණ සේ රැඳී සිටිති . ගෙයි ගෙම්බෝ මෙන්ය . ගෙම්බෙකු ගෙට ඇබ්බැහි වූ කළ කිසිසේත් ගෙයින් එළියට නො යති . ගෙයින් එළියට විසි කළ ද ගෙම්බා රැඳී සිටින්නේ ගේ දිහා බලාගෙනය . කොවිඩ් නයින්ටීන් යනු මාර පොරකි . ඌට ඕන වැඩ්ඩෙක් blast කළ හැක වටපඩයා යනු නිවට නියාලු කිරිපල්ල නැති පිරිමින් හැඳින්වීමට යෙදෙන වචනයකි ……… මාර්ටින් වික්‍රමසිංහ සිය...