ආදර්ශයෙන් තොර අවවාදය
ආගමික අධ්‍යාපනය f*a,a යන මැයෙන් ඉකුත් දිනක අනිද්දා පුවත්පතේ පළවූ ලිපිය තවදුරටත් සාකච්ඡාවට
බඳුන් කළ යුතුය. පාසල් විෂය මාලාවේ ආගම විෂයක් ලෙස ඇතුළු කොට ඉගැන්වීමත් ඉරිදා දින දහම්
පාසල් යාම හා පොහෝ දිනට පන්සල් යාම wksjdrah lsrSu යන කරුණු තුළින් පමණක් මිනිසුන් තුළ විනයක් ශික්ෂණයක් ඇති වෙතැයි සිතීම
මුලාවකි. වත්මනෙහි fus රට තුළ සිදුවන අනේකවිධ ක්‍රියාකාරකම් දෙස බලන විට ද එය සනාථ වේ. මේ රටේ පසුගිය
දශක තුනක පමණ කාලයක පටන් වැඩිවීමෙන් පවතින මේ අවිචාර සමය wjkS;sh yd අධ්‍යාත්මික බංකොලොත්භාවය මගින් බාල පරම්පරාවට ලැබෙන නරක ආදර්ශය සමාජයෙහි
ප්‍රගමනය කෙරෙහි අහිතකර ලෙස බලපායි .එහෙයින් වැඩිහිටියෝ බාල පරම්පරාව යහපත් විනයගරුක මිනිසුන් කරනඅටියෙන් වත් යහපත් ලෙස ජීවත් වීමට ඉටා ගත යුතුය. එසේ නොමැති
වුවහොත් ඔවුන්ගේ ම නොමනා හැසිරීම් ඔවුන්ටම පාරාවළල්ලක් වීමට හැකිය එබඳු අත්දැකීම්
ඉතිහාසය පුරාවට ද දක්නට හැක.
බුදුන් වහන්සේ යේසුස් වහන්සේ හා
නබි නායක තුමා මෙන්ම හත්මා ගාන්ධි තෙරේසා මවුතුමිය ඒබ්‍රහම් ලින්කන් වැනි අය
ගෞරවාදරයට ලක්ව අප අතර තවමත් ජීවත් වන්නේ ඔවුන් විසින් ඉදිරිපත් කළ ජීවන දර්ශනය
නිසා පමණක් නොව ඔවුනොවුන් විසින් අනුදත් දහමට විශ්වාසයට අනුව අන් අයට ආදර්ශයක්
වනසේ හැසිරුණ නිසාය ප්‍රතිපත්ති ගරුක භාවය නිසාය.
අවවාදයට වඩා ආදර්ශය උතුම් යන වැකිය
නෑසූ කෙනෙක් නැති තරම්ය. එහෙයින් වැඩිහිටි කළ යුත්තේ
බාලයන්ට අවවාද අනුශාසනා කරනවdට වඩා ආදර්ශයෙන්
හැසිරීමය. iමාජයට සුවිශේෂී බලපෑමක් කළ හැකි පාර්ශවයන් අතර පූජ්‍ය පක්ෂය ගුරුවරුන් හා
රාජ්‍ය පාලකයින් ප්‍රධාන වේ මේ පාර්ශවකරුවන් ආදර්ශවත් ජීවිත ගත කරන්නේ නම්
පරමාදර්ශී ලෙස ජීවත් වන්නේ නම් සමාජයේ සෙසු අය ඔවුන් අනුගමනය කොට යහපත් ජීවිත ගත කරනු ඇත.
wන් අයට ආදර්ශයක් ලබා දිය හැකි ආකාර හයක් පිළිබඳව සමාජ විද්‍යාඥයෝ කතා කරති. යහපත් වූ
නිවැරදිව ක්‍රියා වල නිරත වීම, යහපත් වූ ආකල්ප වලින් යුක්ත වීම, wdචාර ධර්ම පද්ධතියකට අනුකූලව ජීවත් වීම, අවංක භාවය හා සත්‍යවාදී බවින් යුතු වීම එම කරුණුh. පූජකවරුන් දෙමව්පියන් foමාපියන් රාජ්‍ය පාලකයින්
මේ රටේ බාල පරම්පරාව සඳහා පරිත්‍යාගයක් කළ යුතු කාලh එළඹ තිබේ. කළ හැකි පරිත්‍යාගය
නම් ස්වකීය පුද්ගල අභිලාෂයන් අමතක කොට පරාර්:කාමී සාධු චරිත
වලට අපහසුවෙන් හෝ සංක්‍රමණය වීම එය. ඔවුන්ගේ ම බාල පරම්පරාවේ ද චර්යාමය වෙනසක් සඳහා ඉවහල් වනු ඇත fus සඳහා විධිමත් අධ්‍යාපනයට කළ හැකි දේ බොහෝය.
අධ්‍යාපනයේ පරමාර්ථය විෂය දැනුම සම්ප්‍රේෂණය කිරීමට පමණක් ලඝු වී ඇත. ආකල්ප
සාධනයෙහිලා අධ්‍යාපනයෙa ඇති අවස්ථා හඳුනාගෙන
ඒවා ක්‍රියාකාරකම් තුළින් isiqjdg සන්නිවේදනය කොට ඔවුන්
තුල යහගුණ රෝපණය කිරීමේ ප්‍රවේශය විධිමත් අධ්‍යාපනයෙන් ගිලිහී ඇත. මේ සඳහා බලපා ඇති
හේතුවක් වන්නේ විභාගවලදී ඒවා මැන නොබැලීම විය හැක. .ණිතය විද්‍යාව භාෂාව ආදී විෂයන්ද සැලසුම්සහගතව ඉගැන්වීම තුළින් ආකල්ප
සාධනයෙහිලා උපයෝගී කොට ගත හැක.
සිසුන්ගේ අතිරේක පොත පත කියවීමේ
පුරුද්ද පුරුද්දෙන් ඔවුන් බැහැර ව ඇති බව පෙනේ. හේතුවක් ලෙස දැකිය හැක්කේ සිසුවාගේ සමස්ත අවධානය විෂය කරKq වනපොත් කිරීම සඳහා යොමු කිරීමයි .පරමාදර්ශී පුද්ගලයන් ගේ චරිත කතා රැගත් පොත් පත් අතිරේක කියවීම් පොත් ලෙස පාසල් විෂය මාලාව තුළට ඇතුළත් කළ යුතුය. නාට්‍යකරුවන්ට සිනමාකරුවන්ට yd ගීත රචකයින්ට සිය කෘති නිර්මාණය කිරීමේලා මූලබීජ සැකසුවේ කියවීමhs.
ආගමි ගැන්වීමේ ප්‍රවේශය ද සංශෝධනය කළ යුතුය. ආගම් වල උගන්වන පරාර්ථචර්යාව සහකම්පනය හා පරිත්‍යාගය
මෙන්ම අන් අය කෙරෙහි ඇති සංවේදී බව පිළිබඳ සිසුවාට අත්දැකීම් ලබා දෙන ප්‍රායෝගික වැඩ සටහන් ආගම විෂයමාලාවට එක් කළ යුතුය. යහපත් ජීවන
පුරුදු ඇතිවන්නේ එවිටය.
isiqka තුළ wdlල්ප රෝපණය කිරීමේ ලා සාහිත්‍යය මඟින් කළ හැකි බලපෑම ඉමහත් ය. විද්‍යා yd වාණිජ විෂය ධාරා ඉගැන්වෙන විධිමත් විෂය මාලාවට idහිත්‍යය රසාස්වාදනය ඇතුළත් නොවේ .කළ යුත්තේ
හදාරන විෂය මාලාව කුමක් වුවද සාහිත්‍යය රසාස්වාදනය විෂයක් ලෙස ඒවාට ඇතුලත් කිරීමh.
kSතියේ ආධිපත්‍යය
හෑල්ලුවට ලක් වී ඇති බවට පෙනෙන නිදසුන් බොහෝ ය. අවිචාරවත් මිනිසා ශික්ෂණය කරන එක් මගක් වන්නේ නීතියයි. නීතිhg ඇති nsය ke;s වූ විටද මිනිසා තිරිසනෙකු fia හැසිරීමg පටන් ගනී. එම නිසා නීතියේ බලය ස්ථාපිත කිරීම සඳහා mdලකයෝ උත්සුක
විය යුතුh.
මූලික අවශ්‍යතාවයන් සපුරා ගත
නොහැකි ආර්ථිකයක කුසගින්න හමුවේ සදාචාරය පිළිබඳ හැඟීම පළායයි. පාලකයන්
විසින් කළ යුත්තේ මූලික අවශ්‍යතාවයන් පහසුවෙන් සපයා ගත හැකියි වනසේ ආර්ථික
සංවර්ධනයක් ඇතිකර ලීම ය.
කුලරත්න සූරියආරච්චි
Comments
Post a Comment