හිට්ලර්ට හිත් ලෑම
ජනාධිපතිතුමා හිට්ලර් කෙනෙකු විය යුතුය යන ප්‍රකාශයක්
ශ්‍රීලංකා පාර්ලිමේන්තුවේ ාජ්‍ය ඇමති වරයකු විසින් අවධාරණය කර තිබිණි. මීට පෙරද එක්තරා නායක
ස්වාමීන් වහන්සේ කෙනෙකු විසින් මෙම කාරණාව ම අනුදැන වදාළේ ය .මෙම ප්‍රකාශය
සම්බන්ධයෙන් ලද ්‍රතිචාරද විමසා බැලිය
යුතුය. රාජ්‍ය
ඇමතිවරයා විසින් කරන ලද ප්‍රකාශය ගණන් නොගත
යුත්තකැයි කියා පොලීසිය භාර ඇමතිවරයා එහි බර හෑල්ලු
කළේ ය. ශ්‍රී ලංකාවේ
ජර්මානු තානාපති රාජ්‍ය ඇමති තුමාගේ ප්‍රකාශය
කිසිසේත් නොකළ යුත්තකැයි ද, හිට්ලර් කිසිසේත්ම පරමාදර්ශී චරිතයක් සේ
නොගත යුතු යැයි ද අවධාරණය කළේ ය. ලංකාවේ කීර්තිමත් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු රාජ්‍යය
ඇමතිවරයාගේ එම ප්‍රකාශය ගැන උපහාසාත්මක ලිපියක් සිය බ්ලොග් අඩවිය ඔස්සේ පළ කළේය. යූටියුබ් නාලිකා
කිහිපයක ඇතිවූ සිල්ලර කතා කීපයක් හැරෙන්නට
ඇමතිවරයාගේ මෙම ප්‍රකාශය කෙරෙහි රාජ්‍ය තාන්ත්‍රික අවධානය යොමු වීමක් දක්නට
නොලැබිණි .ප්‍රකාශය කළ ඇමතිවරයා ලංකාවේ ප්‍රසිද්ධ විද්‍යාලයක නිර්මිතයක්
බව කියැවේ. එමෙන්ම ඔහු
ලංකාවේ ජනයා විශ්වාස කරන ආකාරයට උසස් වැදගත් දේශපාලන සම්භවයක් ඇති පවුලකින් පැවැත එන්නෙකු
යයි පැවසේ.
භාෂාවේ මුඛ්‍යාර්ථය සන්නිවේදනයයි. වචන වලට අරුත්
ඇත. ගැඹුරක් ඇත. යමෙක් වහරන වචන එම
තැනැත්තාගේ පෞරුෂය දක්වන කැඩපතකි. “ඔබ කතා කරන්න මම ඔබව
විනිශ්චය කරන්නේ මැයි” යන ප්‍රකාශය ප්‍රසිද්ධ පඬිවරයෙකු විසින් කරන ලද්දේ ඒ නිසා
විය යුතුය එම නිසා භාෂණයෙහි වචන භාවිතාවේදී එය ප්‍රවේශමෙන් කළ යුතුය. රාජතාන්ත්‍රික
මට්ටමින් කරන මෙබඳු ප්‍රකාශ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුය.
හිට්ලර් යනු
පුද්ගලයෙකුට වඩා කෲරත්වය ද්වේශය හා ආඥාදායකත්වය දැක්වෙන රූපකයකි. සාතන් හා බැඳුන
සංකේතයකි.
අප්පච්චි යන නාමයෙන ගරු බුහුමන් ලද හිට්ලර් පළමුවෙන් සොඳුරු
ආඥාදායකයෙකූ ලෙස පෙනී සිටියේය. උන්නතිකාමය හා බලයට ඇති කෑදරකම විසින් මඬනා ලද හිට්ලර් කෙමෙන් කෙමෙන් කුරිරු
ආඥාදායකයෙකූ බවට
පත්විය. ඔහු ජාතිවාදය
හා වර්ගවාදය යන සුව කළ නොහැකියි ව්‍යාධි වලින් පෙළෙන්නට විය. ජර්මානුවන් ආර්ය
සම්භවයකින් පැවත එන්නේය, ලෝකයේ සෙසු
ජාතීන් දහයියා මෙන් ඉවත ලෑ යුතු බව ප්‍රකාශ කළේ ය. විල්හෙල්ම් මා යන ජර්මානුවා විසින් මධ්‍යම යුරෝපයේ ව්‍යාප්ත කරන ලද යුදෙව් විරෝධී ව්‍යාපාරය(
Anti-Semitism) ස්වකීය බලය
ස්ථාපිත ගැනීම සඳහා උපරිම ලෙස යොදා ගත්තේය. මෙය අපේ ඇතැම් නායකයින් ලංකාවේ පවතින, මුසල්මානුවන් හා දමිළ
ජාතීන් කෙරෙහි මහජාතිය වන සිංහලයන් තුළ පවතින විරසකය සිය බලය ස්ථාපිත කර ගැනීමෙහිලා යොදා ගැනීමට සමාන ය.
හිට්ලර්ගේ මෙම උන්මත්තක මානසිකත්වය
නිසා ලෝකයට සිදුවූ හානි බොහෝය. මිලියනයකට වැඩි අහිංසක ජනයා මරා දමන ලදී. එසේ මරා දමන ලද අතර යුදෙව්වන්, සෝවියට් සිර කරුවන් සහ තවත් යුරෝපීය ජාතීන් ද ඇතුලත් විය. තමාගේ පාලන ක්‍රමයට හා දර්ශනයට එරෙහි වන, තමා විවේචනය කරන ජර්මානුවන් ද රඳවා ගැනීමේ කඳවුරුවල රඳවා තබා විෂවායු කාමර වල ලා මරණයට පත් කළේය. අම්මා වරුන් ගෙන්
දරුවන් ද, බිරින්දෑවරුන්ගෙන් ස්වාමිපුරුෂයන්
ද පැහැරගෙන වෙන් කොට තබා මරා දැමිණි. ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාවය, ප්රේමය හා සහකම්පනය ඔහුගේ වචනයේ හා ක්‍රියාවෙහි දක්නට නොවීය
හිට්ලර්
යන වචනය සමඟ නිරන්තර ව බැඳුන බිය දනවන වචන කිහිපයක් ඇත holocaust එබඳු වචනයකි
යුරෝපීය යුදෙව්වන් සමූහ වශයෙන් ඝාතනය කිරීමේ
ක්‍රියාවලිය holocaust යනුවෙන් හැඳින්වේ. ළමා, තරුණ, මහලු, වැඩිහිටි හා රෝගී අය ද මෙසේ මරා දමන ලද අයඅතර
විය. මෙසේ මරා දමන ලද සංඛ්‍යාව මිලියන හයක් පමණ වෙතැයි
කියනු ලැබේ.
නාසි වධ කඳවුරු තවත් වචනයකි. හිට්ලර්ගේ අනුදැනුම හා උපදෙස් මත
ඉදිකරන ලද හතළිහක්
පමණ වූ ඝාතනාගාර සමූහය මෙනමින් හැඳින්වේ.
ප්‍රකාශය කළ ාජ්‍ය ඇමති තුමා ද, එය ගණන් නොගත්ත යුත්තකැයි ප්‍රකාශ
කළ පොලීසිය භාර ඇමති තුමා ද ,ලංකාවේ විදේශ ඇමති තුමා අගමැතිවරයා සහ ජනාධිපති ද හිට්ලර් යනු කවරෙක්දැයි
නොදන්නා බව පෙනේ.
එනමුදු පාසල් දරුවන්, පොත පත කියවන රූපවාහිනිය ඇසුරුකරන ිනමාව ඇසුරු කරන සාමාන්‍ය ජනයා හිට්ලර් යනු කවරෙක්දැයි හොඳින් දනී. anne frank ගේ දිනපොත පාසල්
දරුවන් විසින් කියවනු ලබන පොතකි. එහි දැක්වෙන්නේ
හිට්ලර්ගේ කුරිරු
පාලන ක්‍රමයෙහි වින්දිතයෙකු පත්ව සැඟව
ජීවත් වීමට සිදු වූ අහිංසක දැරියකගේ ජීවිත කතාවයි. ඉරි සහිත පිජාමාවක් ඇඳගත් ළමයා (the boy in the
striped pajamas), ෂින්ඩ්ලර්ගේ ලැයිස්තුව (Schindler's List),
The final days of sophie shole යන සිනමාපටවලින් දැක්වෙන්නේද
හිට්ලර්ගේ කෲරත්වය යි.
කුලරත්න සූරියආරච්චි
මෙවන් ප්‍රකාශයක් ජර්මනියේ දේශපාලනඥයෙකු විසින් කළේ නම් එයම ඔහුගේ දේශපාලන දිවියේ අවසානය වන්නේය. ජර්මන් තානාපතිවරයාගේ ප්‍රකාශයෙන් තහවුරු වන්නේ ද මෙයයි.
ReplyDelete