වන සංරක්ෂණය සදහා
නව ප්‍රතිපත්ති
ස්වභාවික සම්පත්
විනාශය මේ දිනවල ඉතා බහුලව කතා කරන මාතෘකාවක් බවට පත්වී ඇත. මේ අතරින් වන
සම්පත් විනාශය ඉතාම බරපතළ මට්ටමකින් ක්‍රියාත්මක වේ. රටක භෞතික හා මානව සංවර්ධනය
අරමුණු කොටගෙන වනසම්පත භාවිතා කිරීම සිදුවිය යුතුය. එහෙත් එය සිදු විය යුත්තේ වන සම්පත මැනවින් සංරක්ෂණය කොට ගෙන එහි ද පැවැත්ම සාක්ෂාත් කරන්නාවූ වටපිටාවක් තුළය. එබදු සංරක්ෂිත ක්රමොපායන් අනුගමනය කරන පරිසරයක වුවද දේශීය, කලාපීය සහ ගෝලීය
වනාන්තර සම්පතට ඵලදායී රැකවරණයක් නොලැබුණ බව පෙනේ .1990 සිට ලෝකයට
හෙක්ටයාර මිලියන 198 ක් වනාන්තර අහිමි
වී ඇත.
ලෝකයේ සෙසු රටවල්
වන සම්පත කළමණා කරණය කරන්නේ කෙසේද
යන්න විමසා බැලිය යුතුය. එබඳු දේ තුළින් අපට ලබාගත හැකි ආදර්ශ මොනවාද ඒවා අපේ රටට
ගලපා ගත හැකිද යන්නද විමසා බැලිය යුත්තකි.
දියුණු වෙමින් පවත්නා රටවල් දෙකක් වන ඉතියොපියාව හා
භූතානය වන සම්පත ආරාක්ෂා කොට කළමනාකරණය කර ගැනීම සදහා ගෙන ඇති ක්රමෝපායන්
තුලින් උගත හැකි දේ බොහෝය.
භූතානයේ සංවර්ධන
ආකෘතිය මහායානය මත පදනම් වේ. බුදු දහමේ. ප්‍රධාන අදහස නම් සොබාදහමට අනුකූලව ජීවත්
වීම මිස එය විනාශ කිරීම නොවේ. එය ආගමික
සංකල්පයක් වුවද. භූතානය මෙම සංකල්පය රටක භෞතික හා මානව සංවර්ධනය සදහා ගලපා ගැනීමට උත්සාහ කර ඇත. මෙම අදහස තිරසාර සංවර්ධනය පිළිබඳ සංකල්පයට බෙහෙවින් සමාන
ය. දළ ජාතික සතුට (GNH) හඳුන්වාදීම මෙහිලා
සදහන් කළ හැකි එක් පියවරකි. සිංගි
වැන්ග්චක් මෙම අදහස හඳුන්වා දුන් වැදගත් පුද්ගලයෙකි.භූතානයේ ජනතාවට. ඔහු පැවසුවේ “දළ ජාතික සතුටදළ
ජාතික නිෂ්පාදනයට වඩා වැඩි ය, ”එයින් අදහස් කරන්නේ . සංවර්ධනය ආර්ථික වර්ධනයට පමණක් ලඝු නො
කළ යුතු බවය. ජනතාවගේ යහපැවැත්ම ද සලකා
බැලිය යුතු බවය. පාරිසරික සංරක්ෂණය; සංරක්ෂණයසහ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සහ යහපාලනය යන කාරණා ගැනද සලකා බැලිය
යුතුය. මින් ගම්්‍ය වන්නේ
රටක පාරිසරික පද්ධතීන් වලට බලපාන සංවර්ධන
ව්‍යාප්රුති සැලසුම් කිරීමේ දී විවිධ
පාර්ශවයන් එක්ව සැලසුම් කළ යුතු බවය.
මෙම සැලසුම් නිසාම
භූතානය කාබන් විමෝචනය (negative carbon emissions)
නොමැති රටක් බවට හදුනා ගෙන ඇත.භූතානය විසින්ම සැලසුම් කොට ක්රියාත්මක කරන ලද පරිපාලනමය වියුහයක් මගින් මෙම තත්වය ළගාකරගෙන
ඇත.ඔවුන්ගේ සංචාරක බලශක්ති හා ආර්ථික
ප්රතිපත්ති මෙම තිරසාර සංවර්ධන රාමුවට අනුකුලව සකසා ගෙන ඇත.පාරිසරික සංචාරක කේන්ද්රස්ථානයක්
ලෙස භුතානය ප්රසිද්ධ වී ඇත්තේ මේ නිසාය.
පරිසරය
සංරක්ෂණයෙහි ලා ක්රියාත්මක කර ඇති රාඡ්‍ය ප්‍රතිපත්ති නිසාද පරිසර සංරක්ෂණය සදහා ජනයා සහභාගී
කරගෙන ඇති නිසාද භූතාන වැසියෝ පරිසරය පිළිබඳව සංවේදී ජනතාවක් බවට පත්ව ඇත මේ නිසාම
ඔවුන් පරිසරයෙන් ප්‍රතිලාභ ලබන අතර එය සංරක්ෂණය කිරීම සඳහා දායක වන්නේ ද පරිසරය
පිළිබඳ මනා අවබෝධයකිනි.
ඉතියොපියාවේ අහිමි වී ගිය
වන ගහණය යළි නගා සිටුවා සංරක්ෂණය කිරිමට ගෙන ඇති පියවර ද ඉතියෝපියාව වන සංරක්ෂණය සඳහා ගෙන ඇති පියවර ද අධ්‍යයනය කොට
බැලිය යුතුයි මෙහි සුවිශේෂී ලක්ෂණය වන්නේ වන වගාව සඳහා ජනයාගේ සහභාගිත්වය ලබා
ගැනීමයි වගා කළ හැකි ඉඩම්වල වනගහන ඇතිකරවා වායේ ප්‍රතිලාභ ජනයාට ලබා ගත හැකියි ක්‍රමවේදයක්
හඳුන්වා දී ඇත එම ජන සහභාගීත්වය සඳහා ගෙවීමක්ද කිරීමට රජය පියවර ගෙන ඇත.ගහකොල සමග
පවතින අන්‍යොනය සම්බන්ධය නිසා ඡනයා ඒවා ආරාක්ෂා කිරීමට පෙළඹේ.
වන
සංරක්ෂණය සදහා රඡය මෙබදු ප්‍රතිපත්ති
සම්පාදනය කළ යුතුය.
කුලරත්න
සූරිය ආරච්චි
Comments
Post a Comment