චිංචි බිළාල ජාතකය ජනාධිපතිතුමා , අගමැති හා සෙසු ඇමති ගණයා පිරිවරා ගෙන රාජ්‍යය ආරක්ෂාව සම්බන්ධව බැරෑරුම් සාකච්ඡාවක යෙදී සිටින්නෝය . එක්වරම අගමැතිවරයා වෙත දිව ආ රැකවලෙක් හදිසි රහස් පණිවිඩයක් ඇතැයිජංගම දුර බණනය අගමැතිගේ කනට ළං කළේය . පණිවිඩය ඇසූ අගමැතිතුමාගේ දෑස් මලානිකව , ගත දහදියෙන් තෙත්ව , පුටුව මතම ඇද වැටුණේය . සියල්ලෝම අගමැතිවරයා දෙසට ළං ව පුටුව මත්තෙහි සයනය කරන ඔහුගේ දේහය දෙස බලා සිටින්නට වන්නෝය . ජී එස් පී සහනය අහෝසි කළ පණිවුඩය වන්නට ඇතැයි විදේශ ඇමතිවරයා කල්පනා කළාය . සහරාන්ගේ බිරිය සඟවා සිටි තැනින් පලාගිය පණිවුඩය වන්නට ඇතැයි පොලිසි ඇමතිවරයා කල්පනා කළාය. පාස්කු කොමිසන් වාර්තා වේ අස්ථානගත වී යයි සැලකූ පිටු ජනතාව අතරට ගියා වත් දැයි වෙළඳ ඇමතිවරයාගේ ගත සලිත වී ගියේය . වහාම එහි පැමිණි රාජකීය වෛද්‍යවරයා අගමැතිතුමාගේ දෑස් , නාඩි , පපුව ආදීය පරීක්ෂාකර බලා , බය ගන්නට කාරණාවක් නැතැයි කියා රැස්ව සිටි පිරිස අස්වසා ලීය . ඒ ඇසූ සියල්ලෝ ම සතුටු සිනා දැක්වූහ . නාමලුන් ගේ මුහුණෙහි සිනාවක් මත...
Posts
Showing posts from October, 2021
- Get link
- X
- Other Apps
ජිහාඩ් සටන “ ලංකාවේ ක්‍රියාත්මක වූ IS ජාල තුනක් විය මහනුවර ආශ්‍රීත මධ්‍යම පළාතේ කේන්ද්‍රණය වූ ජාලය , සහරාන් හෂීම් නායකත්වය දුන් නැගෙනහිර ජාලය හා බස්නාහිර පළාතේ කේන්ද්‍රණය වූ ජාලයයි . එම සංවිධානය JMI නමින් හැඳින්විය . එහි සාමාජිකයන් අතර න්‍යායාත්මක කරුණක් අරබයා ගැටුමක් ඇති විය . අල්කයිඩා සංගමයටය සහාය දක්වන කණ්ඩායම කියා සිටියේ මේ ජිහාඩ් ක්‍රියාත්මක කිරීමේ කාලය නොවන බවයි . මතයට එකඟ නොවූ දෙදෙනෙක් විය . ( Ilham & Jamil) ජිහාඩ් සටන ඕනෑම මොහොතක දී කළ හැකි බව ඔවුන්ගේ අදහස විය . ඔවුන් සංවිධානයෙන් බිඳී සහරාන් හෂීම් නායකත්වය දුන් කණ්ඩායම් සමඟ එක් විය . සහරාන් හෂීම් අල්කයිදා නායකත්වයට ( අබු බකර් අල්-බග්දාදි ) සහය දීමේ ප්‍රතිඥාවක් ලබා දුන්නේය . කාරණා පහක් නිසා ඔවුන් සංවිධානය වෙනුවෙන් මිය යාමට කැමැත්තෙන් සිටියේය . Ø ස්වර්ගයට ගොස් දෙවියන් හා එක්වීම Ø සියලු වැරදිවලට සමාව ලැබීම Ø නෑදෑයින් හැත්තෑවක ට දිව්‍යලෝක යාම සඳහා අවස්ථාව ලැබීම ( ...
- Get link
- X
- Other Apps
මහාමාර්ග දෙපාර්තමේන්තුවේ ගොවියෝ හේන් වල කුඹුරු වල වැඩ කරමින් සිටි ගොවියෝ දැන් වැඩ කරන්නේ මහාමාර්ග දෙපාර්තමේන්තුවේය . ජනමාධ්‍ය ක්ෂේත්‍රවල ය . හැදිච්ච , විනීත ගොවියා ජාතිකරූපවාහිනියට වැද කාබනික පෝර හදමින් වගා කරති . ජාතික රූපවාහිනියේ කාබනික අල ලොකුය . සිරස නාලිකාවේ වැඩ කරන ගොවියා අවිනීතය , අසංවරය . කාබනික පෝර පවා ඔවුන් සමග අමනාප වී ඇත . උන්ට බහින අල කුඩාය . අණ්ඩය තරමටම කුඩාය . ඔවුන් රජ මැති ඇමතිවරුන්ට බනිති . සාප කරති . අපාගත වෙති . රටින් ගෙනා තෙල් පෝර යොදා ගෙන ගොවිතැන් කරන ගොවියාට ද , ඒ බව භෝග කන හුදී ජනයාටද අතුරු ආන්තරාවක් වෙතැයි යන බියෙන් අපේ හින්ගල රජ්ජුරුවෝ රට පොහොර වලට ඉඩ තිත තැබුවේ ය . මතට තිත තැබුවා වගේමය . මේ කාරණය තේරුම් නොගත් ගොවියෝ එතුමා ටද , කෘෂිකර්මාන්ත ඇමතිතුමාට ද බනිමින් ශාප කරමින් හැසිරෙත් . ඉන්දියාවේ මෝදි අගමැතිවරයා ද ගොවියාට බොහෝ ආදරය කළ රාජ්‍ය නායකයෙකි . කුඹුරෙන් ගොඩට ගෙන ගොවියාගේ මඩ සේදූ මෝදි ගොවියාට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ හා මහාමාර්ග දෙ...