ස්වයං අධ්‍යයන  කුසලතා හා ඔන්ලයින් අධ්‍යාපනය

මේ වන විට පාසල් අධ්‍යාපනය සඳහා එකම විකල්පය වී තිබෙන ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය පිළිබඳව ඇති වී තිබෙන ගැටලු තැන් බොහෝය. ඔන්ලයින් අධ්‍යාපනය නිසා වන දරුවන්ට අහිමි වූ එකම දෙය පාසල හා තදාසන්න පරිසරය අසුරින්  ශිෂ්‍යාට ඇතිවන සමායෝජනය යි. මේ හැරෙන්නට ඔන්ලයින් අධ්‍යාපනය  හා අසුන්ගත පාසල් අධ්‍යාපනය අතර වැඩි වෙනසක්  නැත. පන්ති කාමරයේදී ගුරුවරයා විසින් කරනු ලබන්නේ අදාල විෂය සම්බන්ධව දේශනයක් කිරීමය. ශිෂ්‍ය විවිධත්වය හඳුනාගෙන එම විවිධත්වයට ගැලපෙන ලෙස  ඉගැන්වීම් රටාව මෙහෙය වීමක් සිදුවන්නේ කලාතුරකිනි. දරුවා ඉගැන්වීම් කාර්යයේ නියුක්ත වී ඇත්දැයි යන නියාමනය වීමද සිදු වන්නේ අල්ප වශයෙනි. ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ භාවිතා කොට ගනිමින් ඉගැන්වීම් දෙන අවස්ථාද විරල ය .මේ නිසාම විභාග සමත්වීම  ඒකායන අරමුණු කරගත් අධ්‍යාපන ක්‍රමයක් තුළ මාර්ගගත අධ්‍යාපනය පමණක් වුවද ප්‍රමාණවත්ය .

නිසි ලෙස සිදු කරනු කරන ලද මාර්ගගත  අධ්‍යාපනයක් නොමැති, ගුරුවරයෙකුගේ මගපෙන්වීම ද නොමැති පරිසරයක දී දරුවන්ගේ දරුවාට ස්වයං අධ්‍යයන කුසලතා ලබා දීමට මෙය වටිනා අවස්ථාවකි .

ස්වයං අධ්‍යයනය (Self study skills)

දේශනයකට සවන් දී කරුණු වටහා ගැනීම, පොතක් පතක් කියවා එහි ඇති අන්තර්ගතය අවබෝධ කරගැනීම, පරිසරයට සංවේදී වී එමගින් සංවේදනය වන දේ අවබෝධ කර ගැනීම , විෂයයන් ඉගෙනීමට ඇති ප්‍රභවයන් ශිෂ්‍යයා විසින් ම සොයා ගැනීම මෙහිලා ස්වයං අධ්‍යයනය ලෙස හැඳින්වේ. ස්වයං අධ්‍යයනය  ප්‍රගුණ කිරීම සඳහා කුසලතා අවශ්‍ය ය.ශිෂ්‍යයාට ස්වයං අධ්‍යයන කුසලතා ලබාදීම සඳහා මාර්ගගත අධ්‍යාපනය යොදා ගත හැක.

ශ්‍රවණ කුසලතා (Listening skills)

ශිෂ්‍යයකුට ප්‍රයෝජනවත් විය හැකි ශ්‍රවණ කුසලතා කිහිපයක් මෙහිලා ගෙනහැර දක්වමි.

 දේශනයකට සවන් දී එහි එම දේශනයේ ඇති සුවිශේෂ කරුණු වටහා ගැනීමට අවබෝධ කරගැනීමට  ඇති හැකියාව,

දේශනයක සාරය අවබෝධ කරගැනීමට  ඇති හැකියාව,

දේශනයක ඇති විස්තරාත්මක කරුණු තේරුම් ගැනීමට ඇති හැකියාව ඉන් කිහිපයකි.

කියවා තේරුම් ගැනීම  (reading skills)

 කියවා තේරුම් ගැනීමට ඇති හැකියාව ලබාදීම ද ලබාදිය යුතු  කුසලතාවයකි . එහිදී පෙළ පොතක හෝ වෙනයම් ප්‍රභවයක කරුණු පෙළගස්වා ඇති ආකාරය, යොදාගෙන ඇති විවිධ වාක්‍ය රටා , වේගයෙන් කියවීමේ කුසලතාවය ලේඛන එක ඇති යටි පෙළ කියවීමේ කුසලතාවයආදිය පිළිබඳව දරුවා හුරු කළ යුතුය.

සටහන් තබා ගැනීමේ කුසලතාව (note taking skills)

ශිෂ්‍යයා පුරුදුව සිටිනුයේ ගුරුවරයා විසින් වහරන දේ ඒ ආකාරයෙන්ම ලියා ගැනීම ය. දේශනයක් හෝ පොතක පතක ලියා ඇති දෙයක් ප්‍රස්තාරික ස්වරූපයෙන්සටහන්  කර ගැනීමේ කුසලතාවයන්  දරුවාට ලබාදී නැත. එසේ ප්‍රස්තාරික ස්වරූපයෙන්සටහන්   කරගන්නා ඉතා ඉක්මනින්  දරුවාගේ කෙටිකාලීන මතකය තුළ තැන්පත් වෙයි ප්‍රස්තාරික ස්වරූපයෙන්සටහන්   සටහනේ ඇති කරුණු ගලපා ගැනීමේදී තාර්කිකව හිතන්නට සිදුවේ ඉගෙනීමට ඉගැන්වීම එක් නිපුනතාවයක් වෙතත් මේ පිළිබඳව කෙරෙන බර තැබීම අඩු බව පෙනේ රූපවාහිනිය ගුවන්විදුලිය වැනි ජන මාධ්‍ය උපයෝගී කොට ගෙන මෙබඳු කුසලතාවයන් පිළිබඳ දරුවාට අවබෝධයක් ලබාදීමට උත්සාහ කරන්නේ නම් දරුවා ස්වාධීනව ඉගෙනගන්නකු කො බවට පත් කළකළ හැක.

 

Comments

Popular posts from this blog