නව හා පැරණිඅධ්‍යාපන
ප්‍රතිසංස්කරණ
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනතාවගේ අදහස්
විමසීම මේ දිනවල සිදු කෙරෙමින් පවතී. අධ්‍යාපන
ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම කාලෝචිතය.
දැනට ක්‍රියාත්මක වන වන
භාවිතයන් වඩා සංවර්ධනය කොට පවත්වාගෙන යාම
ද ගත හැකි එක් පියවරකි. 2001 දී ඉදිරිපත්
කළ ඉංග්‍රීසිය මාධ්‍ය අධ්‍යාපනය එවැන්නකි.
කන්නන්ගර
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් අධ්‍යාපනයේ ඇති වූ එක් සුවිශේෂී වෙනසක් වන්නේ එවකට
තිබූ අධ්‍යාපනයේ මාධ්‍ය භාෂාව (Medium of Instruction) වූ ඉංග්‍රීසිය අනිවාර්ය දෙවන භාෂාවක (Compulsory
Second Language) තත්ත්වයට
පත්වීමයි ඉංග්‍රීසිය මාධ්‍ය භාෂාවක
තත්වයෙන් ඉවත් කිරීම නිසා භාවිත ඉංග්‍රීසියේ ගුණාත්මකබව පිරිහුන බව
නොයෙකුත් විද්වතුන් විසින් පෙන්වා දී ඇත. මහාචාර්ය ජයසූරිය, ආචාර්ය තිරු කන්දයියා,
ද සුසා සහ වලතර වැනි අය මේ අතරින් ප්‍රධානය.
ගුණාත්මක ඉංග්‍රීසි අධ්‍යාපනයක් ස්ථාපිත
කිරීම සඳහා මෑත යුගයේ දී ගෙන ඇති පියවර බොහෝය.1977 අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් යළිත් වරක්
ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය නඟාසිටුවීමේ නිර්දේශ ඉදිරිපත් විය. ක්‍රියාකාරී වාචික
ඉංග්‍රීසි වැඩසටහන (Activity
Based Oral English-ABOE) එවැන්නකි. පළමු වන ශ්‍රේණියේ
සිට තුන්වන ශ්‍රේණිය දක්වා සුවිශේෂී වශයෙන් ද ප්‍රාථමික අධ්‍යාපනය අවදිය පුරා ද ක්‍රියාත්මක වන මෙම වැඩ සටහනේ අරමුණ කුඩා කල සිටම
දරුවා ඉංග්‍රීසියට නිරාවරණය කිරීමයි. සංස්කෘතිකමය වශයෙන් පවත්නා වූ ඉංග්‍රීසි
භාවිතයට ඇති බිය හා චකිතය තුරන් කිරීමයි ඉංග්‍රීසි භාවිතය සදහා දරුවා
පෙලඹවීමයි.මනෝවිද්‍යාත්මක ප්‍රවේශයෙකින් බලන කලද මෙම වැඩ සටහන වැදගත්ය.අන්‍ය
භාෂාවක් ඉගෙනීම සදහා මානවයෙකු සතු ප්‍රශස්තම
අවධිය පවත්නේ වයස අවුරුදු 12 දක්වා
බව මනෝ විද්‍යාඥයින් හා අධ්‍යාපනඥයින්
විසින් පෙන්වා දී ඇත.
පරිසරය ආශ්‍රිත සරල වචන හා වැකි වලට සිසුවා
මුල් අවධියේම නිරාවරණය කිරීම මෙහිදී සිදුවිය. මෙය සිදු කරන ලද්දේ ප්‍රාථමික
අවධියේ දි සිසුවාට ආගන්තුක වූ ඉංග්‍රීසි
ගුරුවරයකු හෝ ගුරුවරියක විසින් නොව අදාළ
විෂය උගන්වන ප්‍රාථමික ගුරුවරයා හෝ ගුරුවරිය විසින්මය. නිර්දේශිත සෙසු පාඩම් උගන්වන අතර මෙන්ම දරුවා
අසුන්ගත හා අසුන්ගත නොවූ ක්‍රියාවල යෙදෙන අවස්ථා වලදී මේ සිදුවිය. ඉංග්‍රීසියට ඇති ආගන්තුක බව හා බිය මෙම ප්‍රවේශය නිසාම මැකී
ගියේය. හතර වැනි හා පස්වැනි ශ්‍රේණිවල දී යොදාගත්
සංවාද ඉංග්‍රීසි වැඩසටහන(Conversational English) ද රසවත්ය. ප්‍රාථමික අවධියේ දී ඉගැන්වෙන
පරිසරය ආශ්‍රිත ක්‍රියා සමග ගළපා ගෙන තිබූ මෙම වැඩසටහන සතියකට වරක් පන්තිභාර ගුරුවරයා හෝ ගුරුවරිය හා ඉංග්‍රීසි ගුරුවරයා ද
එක්ව ඉදිරිපත් කල සංවාදමය වැඩසටහනකි. ආරම්භයේ දී මතු සඳහන් වැඩසටහන් දෙකම සඳහා
විධිමත් පුහුණුවක් ලබාදුන්න ද පසුකාලීනව සේවයට බැදුණු ගුරුවරුන් සඳහා එබඳු පුහුණු
වැඩසටහන් බහුල නොවීය. ඕනෑම වැඩසටහනක් සම්බන්ධයෙන් රේඛීය හා පළාත් අධ්‍යාපන අමාත්‍යංශ
මට්ටමින් පවත්නා ප්‍රධාන ගැටළුවක් වන්නේ විධිමත් නියාමනයක් නොපැවතීමයි. නියාමන
වලින් සොයා ගන්නා කරුණු මත පදනම්ව වැඩසටහන්
සංවර්ධනය කොට පවත්වාගෙන යන පර්යේෂණාත්මක ප්‍රවේශයන් අධ්‍යාපනයේ විරල
මිනිසාම ක්රියාකාරී වාචික ඉංග්‍රීසි වැඩසටහන (Activity Based Oral
English-ABOE) දැනට ප්‍රශස්ත
මට්ටමින් පාසල් වල ක්‍රියාත්මක නොවන බව කිව යුතුය.
ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය
ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය යළි ස්ථාපිත
කිරීම 1997 අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින්
නිර්දේශ විය. මෙහි ලා හිටපු අධ්‍යාපන ලේකමිවරියක වන ආචාර්ය තාර ද මැල් මහාචාර්ය රඡිව වීඡේසිංහ වැනි විද්වතුන්ගේ
මැදිහත් වීම සුවිශාලය. වර්ෂ 2001 ආරම්භ වූ ඡාතික සාමග්‍රිය ව්‍යාපෘතිය( National Amity Project ) නම් වූ මෙම වැඩ සටහනේ දී සිදුවූයේ විද්‍යාව හා තාක්ෂණය,
ගණිතය, තොරතුරු තාක්ෂණය හා
පරිසර අධ්‍යනය වැනි විෂයයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමය. විෂය නිර්දේශයේ යෝජිත සෙසු විෂයන් මව් භාෂාවෙන් උගන්වන ලදී 2002 වන විට මෙය ඉංග්‍රීසි
මාධ්‍ය අධ්‍යාපනය ලෙස හඳුන්වන ලදී.න්‍යායාත්මක වශයෙන් ගත් කළ එය ඉංග්‍රීසි මාධ්‍ය
අධ්‍යාපනය නොව ද්විභාෂා අධ්‍යාපනය (Bilingual Education) ලෙස
පසුව හදුන්වනු ලැබීය .
ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයේ වාසි
ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සම්බන්ධයෙන් පාසල්වල
භාවිත ක්‍රමය වන්නේ තුන්වන ශ්‍රේණියේ සිට දොළොස් වැනි ශ්‍රේණිය දක්වා දිනකට එක
කාලඡේදයක් වන සේ සතියකට කාලඡේද පහක් ඉංග්‍රීසි ගැන්වීමයි. කාලඡේදයක කාල පරාසය
විනාඩි 45කි.
ගුරුවරයාගේ පංතියට සම්ප්‍රාප්ත වීම
හා සිසුන්ගේ ලකලෑස්තිය සඳහා ගත වන
කාලයත් සමග මෙම කාලය විනාඩි හතලිහක් හෝ තිස් පහකට පමණ සීමා වේ. ඉංග්‍රීසි ගැන්වීමේ
ලා බොහෝ ගුරුවරුන් තවමත් යොදා ගන්නේ භාෂා ඉගැන්වීමේ ප්‍රවේශයක් නොව විද්‍යාව,
සමාජය අධ්‍යායනය,
ඉතිහාසය වැනි විෂයයන්
උගන්වන ප්‍රවේශයි. ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සඳහා මාධ්‍ය භාෂාව ලෙස බොහෝ විට යොදා
ගන්නේ ද මවු භාෂාවයි. දේශන ක්‍රමයයි. විධිමත් ඉගෙනුම් සිද්ධි සම්පාදනය කොට යුගල හා
කණ්ඩායම් වැඩ අනුසාරයෙන් භාෂා භාවිතයට ඉඩ සැලසෙන සේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය
සංවිධානය කෙරෙන අවස්ථා විරලය. ගුරුවරු උගන්වති සිසුහු අසාගෙන සිටින බවක් අඟවති.
ඉංග්‍රීසි දෙවැනි භාෂාවක්(Second Language) පමණක් නොව විදේශීය භාෂාවක් (Foreign
Language )ලෙස ඉංග්‍රීසි
ඉගැන්වෙන පරිසරයක භාෂාව උකහාගැනීම (Acquisition) ගැනීම සඳහා
ඇති එකම තැන වන්නේ පාසලයි. එම නිසා ඉංග්‍රීසි ඉගැන්වීම සිදු විය යුත්තේ ශීෂ්‍ය
කේන්ද්රීය ඉගෙනුම් පරිසරයක් තුල සිසුවාට භාෂාව භාවිතය සදහා ඉඩ සැලසෙන.ඉංග්‍රීසි
භාෂාව කතා කරන, ඇසෙන, ලියන හා කියන
පරිසරයකය. ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය මෙහිලා ඉමහත් පිටිවහලක් විය. විෂයයන් කීපයක්
ඉගෙනීම තුළ තුලින් ඉංග්‍රීසි භාෂාව උකහා ගැනීමේ අවස්ථාවන් නිර්මාණය විය සිසුවාගේ
භාෂාව සඳහා නිරාවරණය වීම සිදුවිය. විද්‍යාව, ගණිතය, සමාජ අධ්‍යයනය ආදී විෂයයන් වල විෂය
අන්තර්ගතය උගත යුතුම නිසා ඉංග්‍රීසියෙන් කියවීම, සටහන් තබා ගැනීම, කරුණු පැහැදිලි කර ගැනීම සඳහා ප්‍රශ්න ඇසීම
වැනි අවශ්‍යතා ඇති විය. එම නිසාම අරමුණුගත ඉගෙනීමක් සිදුවිය.(Purposeful
learning) සිසුන්ගේ
මෙන්ම දෙමාපියන්ගේ ද ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය
සඳහා විශාල උනන්දුවක් ඇතිවිය. 2003 අධ්‍යාපන සංස්කරණ වල එක් අරමුණක් වූයේ 2008 වන විට ලංකාවේ සෑම
පාසලකටම ඉංග්‍රීසි අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමය. 2021 වන විට ද මෙම අරමුණ සාක්ෂාත් කරගැනීමට
නොහැකි වී ඇත.
දිවයිනේ
10194 ක් පමණ වූ
පාසල් වලින් ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය මේ වන විටත් ක්‍රියාත්මක වන්නේ පාසල්
දාහකටත් අඩු සංඛ්‍යාවකය. අමාත්‍යාංශ සංඛ්‍යාලේඛනවලට අනුව එම සංඛ්‍යාව 547 කි ඇතැම් තැනෙක එය 778ක් ලෙස සදහන් වේ. ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ක්‍රියාත්මක වන පාසල් බොහොමයක් ම වාගේ නගරබද
හා 1 AB, 1 c පාසල්වලට
සීමාවී ඇත. ඉංග්‍රීසි ඉගැන්විය යුතුම ග්‍රාමීය පාසල්වල මෙම වැඩසටහන ඇත්තෙන්ම නැති
තරම්ය. මේ නිසාම ඉංග්‍රීසි අධ්‍යාපනය සම්බන්ධයෙන් ගම හා නගරය
අතර විෂමතාවයක් නිර්මාණය වෙමින් පවතී. අධ්‍යාපනයේ සමානාත්මතාව හා ප්‍රශස්ත බව (Equity
and Excellence ) යන සංකල්ප
අභියෝගයට ලක් වෙමින් පවතී.
ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ව්‍යාප්ත
නොවීමට හේතු
ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් පුහුණු කිරීම බඳවා
ගැනීම හා නියාමනය ආදී කාරනාවලදී පවත්නා
මන්දගාමී ස්වභාවය මින් ප්‍රධාන වේ. මේ ගුරුවරුන් යාවත්කාලීන කිරීම සඳහා
අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක නොවීම පර්යේෂණ පාදක අගයිමි සිදුකොට එම අධ්‍යයන තුළින් අනාවරණය වන කරුණු
පදනම් කොටගෙන අධ්‍යාපන සංවර්ධනය කරෙන පර්යේෂණ පාදක සංස්කෘතියක් අධ්‍යාපනය ක්ෂේත්‍රය
තුළ ක්‍රියාත්මක නොවීම ද තවත් කාරණයකි .ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය විධිමත්ව
සැලසුම් කොට නියාමනය කිරීම සදහා විෂය අධ්‍යක්ෂවරුන් හා උපදේශකවරුන් බඳවා ගැනීමක්
මේ වන තෙක්ම සිදුකොට නැත. රාජ්‍ය පාර්ශ්වයෙන් පවත්නා මෙම ඇල්මැරුණු ස්වභාවය නිසාම
දෙමාපියෝ සිය දරුවන් ඉංග්‍රීසි මාධ්‍ය
පන්ති සඳහා යොමු කරවීමට අකමැත්තක් දක්වති.
ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය යථාවත් කොට
පවත්වාගෙන යාමට ශක්‍යතාවයක් නොමැත්තේ නම් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කළ යුත්තේ
ඉංග්‍රීසි අධ්‍යාපනය වඩාත් විධිමත් කොට සැලසුම් සහගතව පවත්වාගෙන යාම ය) ඉංග්‍රීසි
භාෂාව ඉගැන්වීම සංවර්ධනය කිරීම සඳහා මෑතකදී අධ්‍යාපන අමාත්‍යංශය විසින් Itesl
(Improving Teacher Education in Sri Lakanka නම් වැඩසටහනක්
බ්‍රිතාන්‍ය කවුන්සිලය හා ඒකාබද්ධව පවත්වන ලදී. බ්‍රිතාන්‍ය විෂය විශේෂඥයින්
ගුරු පුහුණු කරුවන් විසින් පුරා වසර දෙකක් පමණ තිස්සේ මෙම වැඩසටහන ලංකාවේ සියලුම
පළාත් වල පවත්වන ලදී . වන විට ලංකාවේ සියලුම ඉංග්‍රීසි ගුරුවරුන් පුහුණු කොට අවසන්
වී ඇත මෙය පුහුණුවට පමණක් සීමා නොකළ යුතුය. ගුරුවරුන් විසින් උගත් දේ විධිමත් ලෙස භාවිත කරන්නේද යන බව විමසා
බැලීම සඳහා විධිමත් නියාමන ක්‍රියාවලියක් සැලසුම් කළ යුතුය.
විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය හා ඉංග්‍රීසි
විභාග කේන්ද්‍රිය අධ්‍යාපනය තුළ ඉංග්‍රීසි අධ්‍යාපනයට
හිමි වන තැන ද විමසා බැලිය යුතුය. කථන කුසලතාවය ශ්‍රවණ කුසලතාවය සංවර්ධනය අරමුණු
කොට කෙරෙන පාඩම් ඉගැන්වීමට වඩා වැඩි අවධානයක් යොමුවන්නේ විභාග ඉලක්ක කරගත් කරුණු
ඉගැන්වීමය. අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ යන විභාග මගින් සිසුන්ගේ කථන හෝ ශ්‍රවණ කුසලතාවයන් ඇගයීමට ලක්
නොකෙරේ. පාසල් මට්ටමින් ද මෙම කුසලතාවය ඉගැන්වීම සඳහා කෙරෙන බර තැබීම අඩුය. ඇත්තේ
ම නැති තරම්ය. එසේ වීමට හේතුව ප්‍රධාන
විභාගවලදී ඒවා මැන නොබැලීමයි. ඡනාධිපතිතුමා විසින් කළ යුතුව තිබුණේ තණමල්විල දැරිය
ගේ ඉංග්‍රීසි උරගා බැලීම නොව විධිමත්ව ගැන්වීම සඳහා යෝජිත ප්‍රතිසංස්කරණ වල භාවිතය
විමසා බැලීම සඳහා වියත් මගෙහි වියතුන්ට උපදෙස් දීමය.
කුලරත්න සුරිය ආරච්චි.
Comments
Post a Comment