හැටේ දශකයේ මුල් භාගයේ උපන් අපිත් උපදිනකොට කිසියම් කුලක ය කට අයිති වෙලා තිබුනා. ඒ නැතිබැරි ගැමි කුලකය .අධ්යාපනයේ දී මේ කුලකය හඳුන්වන disadvantaged families . අපි disadvantaged කියලා දැනගෙන හිටියේ නෑ. Privileged families ගැන දැනගෙන හිටියෙත් නෑ . ඒ හින්දා දුකක් නෑ. Comparisons are odious ගැමි කිව්වට සාම්ප්රදායික ගැමි නෙමෙයි. කොළනි කාරයෝ. ඒ කොලනිය තිබුණේ (තාත්තාට අනුව). කොතලාවල හාමුදුරුවෝ බෙදා දුන්න ඉඩමක. ඒ ගමේ හිටියේ ලංකාවේ විවිධ පළාත්වලින් ආපු අක්මුල් නැති මිනිස්සු . . ජීවිතය ගැට ගහ ගන්ඩ උදේ හවස ජීවිතේ දියකරපු මිනිස්සු. අනෙක් ළමයි ඉස්කෝලේ ගිය හින්දා. අපිත් ඉස්කෝලෙ ගියා. හිරියාල දුෂ්කර පළාතක තිබුනෙ ඉස්කෝලෙ. එක්කෝ ඒ ගොල්ලන්ගේ අවාසනාවට. නැත්නම් අපේ අවාසනාවට ඒ ගිය ඉස්කෝලේ ඉංග්රීසි ගුරුවරයෙක් හිටියා. Spare the rod and spoil the child කියන එක. තමයි ගුරුවරයාගේ මොටෝ . එක. . වේවැලෙන් ගැහුවා, කන මිරිකුවා ,දන ගස්වල තිබුණා. දුක හිතුණාම සපත්තු සෙරෙප්පු අරන් දුන්නා අසනීප වුණාම ඉස්ප...
Posts
Showing posts from June, 2022