Posts

  හැටේ දශකයේ මුල් භාගයේ උපන්   අපිත් උපදිනකොට කිසියම් කුලක ය කට අයිති වෙලා තිබුනා. ඒ නැතිබැරි ගැමි කුලකය .අධ්යාපනයේ දී මේ කුලකය හඳුන්වන disadvantaged families . අපි disadvantaged   කියලා දැනගෙන හිටියේ නෑ. Privileged   families ගැන දැනගෙන හිටියෙත් නෑ . ඒ හින්දා දුකක් නෑ. Comparisons are odious   ගැමි කිව්වට සාම්ප්රදායික ගැමි නෙමෙයි. කොළනි කාරයෝ. ඒ කොලනිය   තිබුණේ (තාත්තාට අනුව). කොතලාවල හාමුදුරුවෝ බෙදා දුන්න ඉඩමක. ඒ ගමේ හිටියේ ලංකාවේ විවිධ පළාත්වලින් ආපු අක්මුල් නැති මිනිස්සු . . ජීවිතය ගැට ගහ ගන්ඩ උදේ හවස ජීවිතේ දියකරපු මිනිස්සු. අනෙක් ළමයි ඉස්කෝලේ ගිය හින්දා.     අපිත් ඉස්කෝලෙ ගියා. හිරියාල දුෂ්කර පළාතක තිබුනෙ ඉස්කෝලෙ. එක්කෝ ඒ ගොල්ලන්ගේ අවාසනාවට. නැත්නම් අපේ අවාසනාවට ඒ ගිය ඉස්කෝලේ ඉංග්රීසි ගුරුවරයෙක් හිටියා. Spare   the rod and spoil the child කියන එක.   තමයි ගුරුවරයාගේ මොටෝ . එක.     . වේවැලෙන් ගැහුවා, කන මිරිකුවා ,දන ගස්වල තිබුණා. දුක හිතුණාම සපත්තු සෙරෙප්පු අරන් දුන්නා අසනීප වුණාම ඉස්පිරිතාලෙ එක්ක ගියා. ඒ දඬුවම් නිසා කිසිම ළමයෙකුට පිස්සු හැදුන
  Are we too immature to be civilized by .... ........ Yet another Wesak day is over. People couldn’t enjoy Wesak as they used to do.   Huge pandals were erected in cities and the suburb, alms halls inviting people to eat and drink free of charge,   and  visiting temples in faraway cities in lorries and tractors were  not to  be seen .     The crisis that the country suffers now has robbed of the happiness associated with the festival.  Words have lost their meaning. Wesak too is not an exception. Wesak  is to commemorate not only the birth , the   enlightenment and the passing away of Lord Buddha  but also to revisit the code of conduct that his philosophy communicates. We,as Sri Lankans, appear to be immature in understanding what the Buddha has taught, for we haven’t yet been able to renounce primitive thoughts that we nurture with zest.   Frugality is a value shared in Buddhism . Simple living and high thinking too are values embedded into it. Integrity leading to profound thin
  චිංචි බිළාල ජාතකය   ජනාධිපතිතුමා , අගමැති හා  සෙසු   ඇමති  ගණයා පිරිවරා ගෙන රාජ්‍යය ආරක්ෂාව සම්බන්ධව බැරෑරුම් සාකච්ඡාවක යෙදී සිටින්නෝය . එක්වරම අගමැතිවරයා වෙත දිව ආ රැකවලෙක් හදිසි රහස් පණිවිඩයක් ඇතැයිජංගම දුර බණනය අගමැතිගේ කනට ළං කළේය . පණිවිඩය ඇසූ අගමැතිතුමාගේ දෑස් මලානිකව , ගත දහදියෙන් තෙත්ව , පුටුව මතම ඇද වැටුණේය . සියල්ලෝම අගමැතිවරයා දෙසට ළං ව පුටුව මත්තෙහි සයනය කරන ඔහුගේ දේහය දෙස බලා සිටින්නට වන්නෝය . ජී එස් පී සහනය  අහෝසි කළ පණිවුඩය  වන්නට ඇතැයි විදේශ ඇමතිවරයා කල්පනා කළාය . සහරාන්ගේ බිරිය සඟවා සිටි තැනින් පලාගිය පණිවුඩය  වන්නට ඇතැයි  පොලිසි ඇමතිවරයා කල්පනා කළාය. පාස්කු කොමිසන් වාර්තා වේ අස්ථානගත වී යයි  සැලකූ පිටු ජනතාව අතරට ගියා වත් දැයි වෙළඳ ඇමතිවරයාගේ  ගත සලිත වී ගියේය .  වහාම  එහි පැමිණි රාජකීය වෛද්‍යවරයා අගමැතිතුමාගේ දෑස් , නාඩි , පපුව ආදීය පරීක්ෂාකර බලා , බය ගන්නට කාරණාවක් නැතැයි කියා රැස්ව සිටි පිරිස අස්වසා ලීය . ඒ ඇසූ සියල්ලෝ ම සතුටු සිනා දැක්වූහ . නාමලුන් ගේ මුහුණෙහි සිනාවක් මතුව  සිනා ගැන්වූ මුහුණ යලි කළු වී වියළී මැලවී ගියේය. කුමන පණිවිඩයක්
  ජිහාඩ් සටන     “ ලංකාවේ ක්‍රියාත්මක වූ  IS  ජාල තුනක් විය මහනුවර ආශ්‍රීත මධ්‍යම පළාතේ කේන්ද්‍රණය වූ ජාලය , සහරාන් හෂීම්  නායකත්වය දුන් නැගෙනහිර ජාලය හා බස්නාහිර පළාතේ කේන්ද්‍රණය වූ  ජාලයයි . එම සංවිධානය   JMI නමින් හැඳින්විය . එහි සාමාජිකයන් අතර න්‍යායාත්මක කරුණක් අරබයා ගැටුමක් ඇති විය . අල්කයිඩා සංගමයටය සහාය දක්වන කණ්ඩායම  කියා සිටියේ මේ ජිහාඩ් ක්‍රියාත්මක කිරීමේ කාලය නොවන බවයි . මතයට එකඟ නොවූ  දෙදෙනෙක් විය . ( Ilham & Jamil)  ජිහාඩ් සටන ඕනෑම මොහොතක දී කළ හැකි බව ඔවුන්ගේ අදහස විය .  ඔවුන් සංවිධානයෙන් බිඳී සහරාන් හෂීම් නායකත්වය දුන් කණ්ඩායම් සමඟ එක් විය . සහරාන් හෂීම්  අල්කයිදා නායකත්වයට ( අබු බකර් අල්-බග්දාදි ) සහය දීමේ ප්‍රතිඥාවක් ලබා දුන්නේය . කාරණා පහක් නිසා ඔවුන් සංවිධානය වෙනුවෙන් මිය යාමට කැමැත්තෙන් සිටියේය  . Ø   ස්වර්ගයට ගොස්  දෙවියන් හා එක්වීම Ø   සියලු වැරදිවලට සමාව ලැබීම Ø   නෑදෑයින් හැත්තෑවක ට දිව්‍යලෝක යාම සඳහා අවස්ථාව ලැබීම ( ඇතැම් නෑදෑයින් සංවිධානයට සහාය දක්වා ඇත්තේ මෙම වරප්‍රසාදය ලබා ගැනීමේ චේතනාවෙනි ) Ø   දෙවියන්
  මහාමාර්ග දෙපාර්තමේන්තුවේ ගොවියෝ     හේන් වල කුඹුරු වල වැඩ කරමින් සිටි ගොවියෝ දැන් වැඩ කරන්නේ මහාමාර්ග දෙපාර්තමේන්තුවේය . ජනමාධ්‍ය ක්ෂේත්‍රවල ය . හැදිච්ච , විනීත ගොවියා ජාතිකරූපවාහිනියට  වැද  කාබනික පෝර හදමින් වගා කරති . ජාතික රූපවාහිනියේ කාබනික අල ලොකුය . සිරස නාලිකාවේ  වැඩ කරන ගොවියා අවිනීතය , අසංවරය . කාබනික පෝර පවා ඔවුන් සමග අමනාප වී ඇත . උන්ට බහින අල  කුඩාය . අණ්ඩය තරමටම කුඩාය .  ඔවුන් රජ මැති ඇමතිවරුන්ට බනිති . සාප කරති . අපාගත වෙති .  රටින් ගෙනා තෙල් පෝර යොදා ගෙන ගොවිතැන් කරන ගොවියාට ද , ඒ බව භෝග කන හුදී ජනයාටද අතුරු ආන්තරාවක් වෙතැයි යන බියෙන් අපේ හින්ගල රජ්ජුරුවෝ  රට පොහොර වලට ඉඩ තිත තැබුවේ ය . මතට තිත තැබුවා වගේමය . මේ කාරණය තේරුම් නොගත් ගොවියෝ එතුමා ටද , කෘෂිකර්මාන්ත ඇමතිතුමාට  ද බනිමින් ශාප කරමින්  හැසිරෙත් .  ඉන්දියාවේ මෝදි අගමැතිවරයා ද ගොවියාට බොහෝ  ආදරය කළ රාජ්‍ය නායකයෙකි . කුඹුරෙන් ගොඩට ගෙන ගොවියාගේ මඩ සේදූ මෝදි  ගොවියාට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ හා මහාමාර්ග දෙපාර්තමේන්තුවේ රැකියා ලබා දුන්නෝය . ගොවියෝ එතුමා ටද බනිමින් ශාප කරමින්  හැ